25 C
Colombo
Thursday, April 18, 2024

සෞඛ්‍ය අංශ කියන ඕනැම වේලාවක පාසල් විවෘත කරනවා

- Advertisement -

සෞඛ්‍ය අංශවලින් අනුමැතිය ලද වහාම පාසල් විවෘත කිරීමට සූදානම් යැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසනවා.

මීට අදාලව දැනටමත් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සමඟ සාකච්ඡා අරඹා ඇති බවත් මේ සාකච්ඡා වට වලින් පසුව පාසල් විවෘත කිරීම පිළිබඳව නිසි සැලැස්මක් අධ්‍යාපන අමාත්‍යවරයාට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු පවසනවා.

එමෙන්ම, පසුගිය කාලයේදී කොරෝනා වසංගතය මධ්‍යයේ පාසල් විවෘත කිරීමට යොදාගත් ක්‍රමවේදයද මේ දිනවල සමාලෝචනය කෙරෙන බවයි ඔහු පැවසුවේ.

මේ වන විට කොවිඩ් මර්දන එන්නතේ පළමු මාත්‍රාව ගුරුවරුන්ගෙන් 88% කට පමණ ලබාදී අවසන් බවත් කෑගල්ල, අම්පාර, පුත්තලම ,වව්නියාව යන ප්‍රදේශවල ගුරුවරුන්ට දෙවෙනි එන්නත් මාත්‍රාව ලබාදීමට මේදිනවල කටයුතු කරගෙන යන බවත් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසනවා.

RECENT ARTICLES - SINHALA

ශ්‍රීලනිප දේශපාලන මණ්ඩල තීන්දුව ගැන සලකා බැලීම අද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින් මැතිවරණ කොමිසම වෙත ලබාදුන් තීන්දු පිළිබඳ අද (18) දින සලකා බැලෙන බවට වාර්තා වනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ...

මියන්මාරයේ සන්නද්ධ කණ්ඩායමක ග්‍රහණයේ සිටි ලාංකිකයින් පිරිසක් අද දිවයිනට

මියන්මාරයේ, තායිලන්ත දේශ සීමාවේ සන්නද්ධ කණ්ඩායමක ග්‍රහණයේ සිට මුදාගැණුනු ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 8 දෙනා අද (18) දිවයිනට රැගෙන ඒමට නියමිතයි. ඒ, උදෑසන 9.35ට ශ්‍රීලංකන්...

ගිලී යමින් තිබූ නැවක සිටි ශ්‍රී ලාංකිකන් 21ක් බේරා ගනී

ඕමාන මුහුදේදී අනතුරට පත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක සිටි ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනකු බේරා ගැනීමට ඉරාන හදිසි සේවා සමත් වු බව විදෙස් මාධ්‍ය වාර්තා...

POPULAR ARTICLES

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්

උත්සව සමයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පූර්ණ කැපවීම හා දායකත්වය යටතේ රෝගී සත්කාරක සේවා කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පියවර ගෙන ඇති බව සෞඛ්‍ය...