21 C
Colombo
Monday, February 10, 2025

අමෙරිකාව සමඟ එක්ව කටයුතු කරන්න සූදානම් – ග්‍රීන්ලන්ත අගමැති

- Advertisement -

අමෙරිකාව සමග එක්ව කටයුතු කිරීමට සූදානම් බව ග්‍රීන්ලන්ත අග්‍රාමාත්‍ය මියූ ඇගීඩ් පවසනවා.

ඩෙන්මාකයේ කෝපන්හේගන් අගනුවරදී පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ, ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය සමග සාකච්ඡා ආරම්භ කිරීමට සිය ආන්ඩුව සූදානම් බවයි.

තවත් නොබෝ දිනකින් අමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස පත්වීමට නියමිත ඩොනල්ඩ් ට්‍රම්ප් ග්‍රීන්ලන්ත දූපත මිලදී ගන්නා බවට මීට පෙර ප්‍රකාශ කළා.

නමුත් ග්‍රීන්ලන්තයෙන් සහ ඩෙන්මාකයෙන් මුලින් ඊට එල්ල වූයේ දැඩි විරෝධයක්.

ග්‍රීන්ලන්තය පාර්ලිමේන්තුවක් හරහා පාලනය වුවද එය ඩෙන්මාර්ක රාජධානියේ කොටසක් ලෙස සැලකෙනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ ඩෙන්මාර්කයට එරෙහිව මිලිටරි සහ ආර්ථික ක්‍රියාමාර්ග භාවිතා කොට හෝ ග්‍රීන්ලන්තය අමෙරිකාවේ කොටසක් බවට පත් කරගන්නා බවයි.

ට්‍රම්ප් ගේ එම අනතුරු ඇඟවීම් හමුවේ ග්‍රීන්ලන්ත සහ ඩෙන්මාක රාජ්‍ය නායකයින් කෝපන්හේගන් අගනුවරදී විශේෂ සාකච්ඡාවක්ද පවත්වා තිබෙනවා.

ඉන් අනතුරුව පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ග්‍රීන්ලන්ත අග්‍රාමාත්‍යවරයා පැවසුවේ අමෙරිකාවේ නීත්‍යානුකූල අවශ්‍යතා සලකා බැලීමට තමන් සුදානම් බවයි.

උතුරු අමෙරිකාවේ සිට යුරෝපය දක්වා කෙටිම මාර්ගයේ පිහිටා ඇති ග්‍රීන්ලන්තය අමෙරිකාවට උපායමාර්ගිකව වැදගත් ස්ථානයක පිහිටා තිබෙනවා.

බැටරි සහ අධි තාක්‍ෂණික උපාංග නිෂ්පාදනය කිරීමේදී අත්‍යවශ්‍ය වන දුර්ලභ ඛනිජ තැන්පතුවක්ද ග්‍රීන්ලන්තය සතු වනවා.

RECENT ARTICLES - SINHALA

විදුලි බිඳවැටීම ගැන පැහැදිලි කිරීමක්

සමස්ථ විදුලිබල පද්ධතිය බිඳවැටීම සඳහා බලපාන මූලිකම හේතුව ලෙස දැනට හඳුනාගෙන ඇත්තේ, ඉරිදා දින දහවල් කාලයේ පවතින අඩු විදුලි ඉල්ලුම හා සමස්ත විදුලි ජනනයෙන්...

“ඇල්ල ඔඩිසි නානුඔය” නමින් නව දුම්රිය ගමන්වාරයක්

දෙස් විදෙස් සංචාරකයන්ගේ ඉල්ලීම මත “ඇල්ල ඔඩිසි නානුඔය” නමින් නව දුම්රි ගමන්වාරයක් නානුඔය හා බදුල්ල දුම්රිය ස්ථානය අතර හෙට (10) සිට ක්‍රියාත්මක වනවා. පවතින අධික...

රට විරුවන්ගෙන් වාර්තාගත ඩොලර් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට

2025 ජනවාරි මාසයේ දී විදෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙරටට එවා ඇති ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 573ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. මෙය 2024...

POPULAR ARTICLES