29 C
Colombo
Saturday, January 18, 2025

හිරුණිකාට අවස්ථාවක් නොදීම ගැන ඇත්තටම කණගාටුයි

- Advertisement -

සමඟි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට ලබා නොදීම ගැන තමන් කණගාටු වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා පැවසුවා.

ඒ, අද (13) සමඟි ජන බලවේගයේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී.

පසුගිය අරගල සමයේ සිට පක්ෂය වෙනුවෙන් ඇය විශාල වැඩකොටසක් කළ කාන්තාවක් ලෙස මෙවර ඇයට පාර්ලිමේන්තු වරම් ලබා දීමට අවස්ථාව තිබුණ බව මන්ත්‍රීවරයා සඳහන් කර සිටියා.

”මම ඇත්තටම පෞද්ගලිකව කණගාටු වෙනවා. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පක්ෂය වෙනුවෙන් බොහොම වෙහෙස මහන්සි වුණා. ඒ වගේම අරගලය කාලේ මම දන්නා තරමින් කාන්තාවක් විදිහට නොබියව ඉදිරියට ආවා. අපිට මතකයිනේ ඒ කාලේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපතිවෙලා ඉන්න කොට අරගලය කාලේ චරිත ගණනාවක් බිහිවුණාට මුලින්ම අරගලයට නායකත්වය ලබාදීලා මේ රටේ ජනතාව පාරට ගන්නට මූලිකව වැඩකරපු කාන්තාවක් විදිහට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මැතිණිය ඉදිරියෙන් ඉන්නවා. අපිට මහතකයිනේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ පෞද්ගලික නිවසට යන්න තරම් ඇය නිර්භීත වුණා. ඊට පස්සේ තමයි මේ අරගලය ගෝල්ෆේස් එකේ තව තැන්වල නොයෙකුත් ආකාරයෙන් උද්ඝෝෂණ,විරෝධතා පළකරන්න කටයුතු කළේ. මම ඇත්ත වශයෙන්ම කණගාටු වෙනවා එතුමියට මේ අවස්ථාවේ පාර්ලිමේන්තු වරම් ලබාදිය යුතුව තිබුණා. ඒ අවස්ථානුකූලව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 08ක්වත් අපි බලාපොරොත්තු වුණා. නමුත් අපිට ලැබුණේ මන්ත්‍රී ධූර පහයි. මේ වෙලාවේ අපේ මහ ලේකම්තුමාටත්,නායකතුමාටත් ලොකු අභියෝගයක් තිබුණා. මේක සම්බන්ධව තීන්දු තීරණ අරගන්න.”

RECENT ARTICLES - SINHALA

එළදෙනුන් ප්‍රවාහනය කළ ලොරි රථයක් අනතුරට

වැලිමඩ සිට හැටන් දක්වා එළදෙනුන් අටදෙනෙක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක්, හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ, නානුඹය රදැල්ල කෙටි මාර්ගයේ, සමසෙටි වත්ත ප්‍රදේශයේදී අනතුරකට...

ජානක පෙරේරාගේ ඝාතනය ගැන අලුත් තොරතුරක්

මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඇතුළු 31 දෙනකු ඝාතනය කරමින් 2008 ඔක්තෝබර් 06දා අනුරාධපුරයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරු හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල...

චීන මුදල් හුවමාරු ගිවිසුම දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා මහ බැංකුව සහ චීන මහජන බැංකුව අතර 2021 වසරේ දී අත්සන් කිරීමට යෙදුණු ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුම තවත් වසර 3ක කාලයක් සඳහා...

POPULAR ARTICLES