25 C
Colombo
Monday, October 14, 2024

අවසන් ප්‍රතිඵලය ප්‍රමාද වියහැකි හේතු

- Advertisement -

යම් ඡන්දපොළක කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුවුවහොත් එම ඡන්දපොළෙහි ඡන්දය ශූන්‍ය කිරීමට සිදුවන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පවසනවා.

එමෙන්ම එම ශූන්‍ය කිරීම නිසා සමස්ත ඡන්ද ප්‍රතිඵලයට බලපෑමක් ඇතිවුවහොත්, නැවත අදාළ කොටසේ ඡන්ද විමසීමක් පවත්වන බව ඔහු සඳහන් කළා.

එසේ වුවහොත් ඒ වනතෙක් සමස්ත ඡන්ද ප්‍රතිඵලය නිකුත් කිරීමට හැකියාවක් නොමැති බව ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පවසනවා.

ජනාධිපතිවරණ ඡන්ද විමසීම සම්බන්ධයෙන් අද (19) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා,

“ඡන්දපොළක යම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුවුණොත් ඒ ඡන්දපොළෙහි ඡන්ද ස්ථානාධිපතිවරයාගේ වාර්තාව අනුව එහි ඡන්දය ශූන්‍ය කිරීමට අවශ්‍ය වුවහොත් ඒක ශූන්‍ය කරන්න මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කරනවා. එම ශූන්‍ය කිරීම සමස්ත ඡන්ද ප්‍රතිඵලයට බලපානාවා නම්, නැවත ඡන්ද විමසීමක් පවත්වලා ඒ ඡන්දපොළවත්වල ඡන්දය පවත්වා අවසන්වන තුරු සමස්ත ඡන්ද ප්‍රතිඵලය නිකුත් කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.ඒ නිසා ඡන්දපොළවල් අතර ගැවසීමෙන්, ප්‍රචණ්ඩ ක්‍රියාවල නිතරවීමෙන්, ඡන්ද විමසීම කඩාකප්පල් කිරීමෙන් වළකින ලෙස ඉල්ලා සිටිනවා. නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙස සියලුම ආරක්ෂක අංශවලට උපදෙස් ලබාදී තිබෙනවා. සාමය ආරක්ෂා කිරීම සඳහා පොලිසිය හා විශේෂ කාර්ය බළකාය යොදවා ඇති අතර, ඕනෑම හදිසි අවස්ථාවකදී කැඳවීම සඳහා ත්‍රිවිද හමුදාව සූදානමින් තබා තිබෙනවා.”

RECENT ARTICLES - SINHALA

කටුකුරුන්දේ දුම්රිය අනතුර සියදිවි නසාගැනීමක් බවට අනාවරණයක්

කළුතර කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී තිදෙනෙකුට දිවි අහිමි කරමින් ඊයේ (12) රාත්‍රියේ සිදුවූ දුම්රිය අනතුර සියදිවි නසා ගැනීමක ප්‍රතිඵලයක් බවට පොලීසියට තොරතුරු අනාවරණ වී තිබෙනවා. පොලීසිය...

මාලිමාවෙන් පාර්ලිමේන්තුවට රත්නපුරෙන් එන අය මෙන්න

මෙවර මහමැතිවරණය සදහා ජාතික ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයින් 14 දෙනෙකු ඉදිරිපත්වි තිබෙනවා. ඒ අනුව, අපේක්ෂකයින් පසුගිය 11 වැනිදා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේදී නාමයෝජනා භාර...

තවත් චීන ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට

අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචාවලට සම්බන්ධ බවට සැක කෙරෙන චීන ජාතිකයින් 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් වැලිකඩ, කෝට්ටේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති...

POPULAR ARTICLES

ජොන්ස්ටන්ගේ BMW සෙල්ලම ගැන තවත් තොරතුරු එළියට

ලියාපදිංචි නොකළ BMW කාර් රථයක් භාවිතා කළ බවට සිදු කරන විමර්ශනකට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට විදේශ ගමන් තහනමක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්...

එළවළු සහ මාළු මිල ගණන් පහළට

0
මේ දිනවල සියලු ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිලෙහි මෙන්ම මත්ස්‍ය මිල ගණන් ද සීඝ්‍රයෙන් පහත බැස ඇති බවයි වෙළෙදුන් පවසනවා. වැඩි එළවළු අස්වැන්නක් ලැබීම හේතුවෙන් වෙළඳපොල...

බස්නාහිර පළාතේ පාසල් කිහිපයක් වසා දැමේ

පවතින අයහපත් කාලගුණයේ හේතුවෙන් බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් කැලණිය සහ මීගමුව අධ්‍යාපන කලාපවල පාසල් හතරකට හෙට (14) දිනයේ නිවාඩු ලබා දී තිබෙනවා. අනුව කැලණිය මහා...