24 C
Colombo
Wednesday, January 22, 2025

හාල් වල ආනයන බද්ද අඩු කරන්න

- Advertisement -

සහල් ආනයනය කිරීමේදී කිලෝග්‍රෑම් එකකට රේගුව විසින් අයකරනු ලබන රුපියල් 65ක බදු මුදල යම් ප්‍රමාණයකින් අඩුකර දෙන ලෙස බොහෝ ප්‍රදේශවල වෙළෙඳුන් රජයෙන් ඉල්ලා සිටිනවා.

වෙළෙඳුන් මෙන් පාරිභෝගික සංවිධාන පෙන්වා දෙන්නේ, ආනයනික සහල් බදු අඩු කළහොත් පාලන මිලට සහල් වෙළෙඳපොළේ පවතිනු ඇති බවයි.

මාස දෙකක පමණ සිට පවතින සහල් අර්බුදයට පිළියම් ලෙස උපරිම තොග හා සිල්ලර මිල පැනවීම, පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් සහල් මෝල් වැටලීම මෙන්ම විදේශ රටවලින් සහල් ආනයනය කිරීමටත් රජය පසුගිය සමයේ විවිධ පියවර අනුගමනය කළා.

සහල් ආනයනයට අවසර හිමිවූ දෙසැම්බර් 20 වැනිදා දක්වා සහල් මෙට්‍රික්ටොන් 67,000ක් ආනයනයකර තිබූ බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.

ඉන් මෙට්‍රික්ටොන් 38,500ක් නාඩු සහල් වන අතර සෙසු මෙට්‍රික්ටොන් 28,500ක් කැකුළු සහල්.

මෙම සහල් තොග වෙනුවෙන් ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 4.3ක් ආනයන බදු ලෙස අයකර ඇත්තේ කිලෝග්‍රෑම් එකකට රුපියල් 65 බැගිනි.

ආනයනික සහල් තොග වෙළෙඳපොළට ලැබීම ආරම්භවීමත් සමඟ පැවති සහල් හිඟය යම් ප්‍රමාණයකින් සමනයවී ඇතත්, තවමත් වෙළෙඳපොළේ නිසි ප්‍රමාණයට සහල් නොමැති බව ඇතැම් ප්‍රදේශවලින් වාර්තා වනවා.

කෙසේවෙතත් තවත් ප්‍රදේශවල වෙළෙඳුන් පවසන්නේ, තමන් සතුව දේශීය සහල් යම් ප්‍රමාණයකින් ඇතත් ආනයනික සහල් නොමැති බවයි.

RECENT ARTICLES - SINHALA

Breaking: අනුර ප්‍රියදර්ශන යාපා අත්අඩංගුවට

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පවසනවා. මීට අමතරව ඒ මහතාගේ බිරිඳ...

අම්බලන්තොට වෙඩි තැබීමක්

අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ අද (22) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් කළ විමසීමකදී පවසා සිටියේ, මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම...

ජනපති හා මුදල් අමාත්‍යාංශ නිළධාරීන් අතර හමුවක්

රටේ සෑම ජන කොටසක්ම ආර්ථික ක්‍රියාවලියට සහභාගි කර  ගැනීමේ අරමුණින් මෙවර අයවැය සකස් කරන බව,  ජනාධිපති අනුර කුමාර  දිසානායක  මහතා  ප්‍රකාශ කළා. ඒ 2025 අයවැය...

POPULAR ARTICLES