28.4 C
Colombo
Thursday, April 25, 2024

සතියෙන් හාල් මිල අඩු කරනවා – වාසු

- Advertisement -

තවත් සතියක කාලයක් තුල නාඩු සහල් මිල රුපියල් 100 දක්වා අඩු කරන බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා.

ඒ අද (01) දින මාධ්‍ය අමතමින්.

සහල් මෝල් හිමියන් විසින් සහල් මිල තීරණය කිරීම එකඟ නොවිය හැකි තත්වයක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

රජය විසින් නාඩු සහල් මිල රුපියල් 100 දක්වා පහත හෙලීමෙන් පසුව රුපියල් 112ට සහල් විකුණන ව්‍යාපාරිකයන්ට සිදුවන්නේ කුමක්දැයි සැමටම බලාගත හැකි බව ඔහු අවධාරණය කර සිටිනවා.

එමෙන්ම වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසන්නේ කිරිපිටි ආනයනකරුවන් රුපියල් 400 ක මිල ඉහළ දැමීමට ඉල්ලා ඇති නමුත් කිසිදු හේතුවක් මත එවැනි ප්‍රමාණයකින් මිල ඉහළ දැමීමට එකඟ විය නොහැකි බවයි.

RECENT ARTICLES - SINHALA

හොර ඒජන්සිවලට වැඩවරදියි

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධී ලෙස මුදල් එක් කරන පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස කම්කරු සහ විදේශ රැකියා...

ඉරාන සහ ලංකාව අතර ගිවිසුම් 05ක්

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තබා තිබෙනවා. මෙම අවබෝධතා ගිවිසුම් මගින් දෙරට අතර චිත්‍රපට කර්මාන්තය,...

රිලා ගහනය අඩු කරන්න පේරෙන් ලුපයක්

රිළා ගහනය අවම කිරීමේ පර්යේෂණ ප්‍රතිඵලයක් ලෙස රිළවියක ගේ ගර්භාෂයේ ලූපයක් තැන්පත් කිරීම අද (24) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ දී සාර්ථකව සිදු කරනු...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...