2023 උසස් පෙළ ප්‍රතිඵල මත 2023 /2024 අධ්‍යයන වර්ෂයට සඳහා විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා වන කඩයිම් ලකුණු ඊයේ නිකුත් කිරීමත් සමග විශ්ව විද්‍යාල සදහා ලියාපදිංචිය අද සිට සිදු කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.
එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග කියා සිටියේ, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබාගත හැකි බවයි.
එමෙන්ම, දෙසැම්බර් මාසයට පෙර සියලු දෙනා බඳවා ගැනීමට කටයුතු කරන බව ද ඔහු සඳහන් කළා.
මේ අතර, සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ලබන අඟහරුවාදා යළි විවෘත කරන බව එහි පාලනාධිකාරිය සදහන් කළා.