මෙරට පසුකරමින් සිටින්නේ ජනතාවට සහන දියහැකි කාලයක් නොවන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.
ඒ, ඊයේ (11) කොළඹදී මාධ්‍යවේදීන් අයවැය සම්බන්ධයෙන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.
ඩොලර් අර්බුදය මෙන්ම රටේ ණය බරත් ඊට හේතුවී ඇති බවයි ඔහු පවසන්නේ.
“ඔව් ඉතිං මේ වෙලාව සහන ලබාදෙන්න පුළුවන් වෙලාවක් නෙවෙයිනෙ. රට කොරෝනා අර්බුදයට ලක්වෙලා, අපේ රටේ විශාල ණය බරක් තිබිලා, ඩොලර් අර්බුදයක් තියෙන අවස්ථාවක ජනතාව බලාපොරොත්තු වෙන සහන සියල්ලම ලබාදීමට නොහැකිවීම ගැන අපිත් ඉතාම කණගාටුවට පත්වෙනවා”