31 C
Colombo
Sunday, April 2, 2023

අමතක මතක : කේෂිනී ගෝමස්ව මතකද ?

- Advertisement -

1997 වසරේ ආරම්භ වුණු ස්වර්ණවාහිනී නාලිකාවට බොහෝ දෙනෙක් ආදරය කරන්න පටන්ගත්තේ එම නාලිකාවේ විකාශය වුන ප්‍රේක්ෂකයන් ඇඳ බැදගන්නා ආකර්ශනීය ටෙලි නාට්‍ය පෙල නිසයි.

2002 වසරේදී EAP Networks Limited වෙතින් නිෂ්පාදනය කල හරි අපූරු කතාවක් සංජය මහවිතානගේ ගේ අධ්‍යක්ෂණයෙන් විකාශය වුණා.

එම ටෙලි නාට්‍ය මේ වන විට ජනප්‍රිය නළුවකු වන සුරාජ් මාපාගේ පළමුවන ටෙලිනාට්‍යයයි.

එමෙන්ම එම ටෙලිනාට්‍යයේ ප්‍රධාන නිළිය එකල කාගේත් හිත් ඇදගත් සුන්දර රූසපුවකින් හෙබි රූමත් තරුණියක්.

ඇය නමින් කේෂිනී ගෝමස්.

ටෙලි නාට්‍යයේ කතාවට අනුව සුරාජ් මාපා වෙළෙඳ ප්‍රචාරන ආයතනයක සේවය කරන තරුණයෙක් වන අතර කේෂිනී අන්ධ තරුණියක්.

කතාවේ සුරාජ් මාපාගේ නම ‘අලෝක’ ලෙස යොදා තිබූ අතර කේෂිනීගේ නම වශයෙන් ‘අමන්දි’ ලෙස යොදා තිබුණා.

ආලෝක හට අමන්දි මුණ ගැසෙන විටත් ඔහු පෙම්වතෙක් වන අතර ඔහුගේ පෙම්වතියගේ චරිතයට පණ පොවන්නේද මේ වන විට ක්ෂේත්‍රයෙන් ඈත්වී සිටින නිරාෂා ඒකනායකයි.

ඉතාමත් සුන්දර කතා තේමාවක් යටතේ මෙම ටෙලි නාට්‍ය විකාශය වූ අතර එකල ප්‍රේක්ෂකයින් දැඩිව කේෂිනීට ඇලුම් කළා.

කෙසේ වෙතත් මෙම ටෙලි නාට්‍යයෙන් පසුව කේෂිනී කිසිදු නිර්මාණයකට සහභාගීවූයේ නැහැ.

‘මගේ සඳ ඔබ’ ටෙලි නාට්‍ය වෙනුවෙන් සුරාජ් මාපා නැගී එන නළුවා සම්මානය 2002 වසරේ හිමිකරගනිද්දී නැගී එන නිළිය සම්මානය කේෂිනීට හිමිවුවද එය ලබාගැනීමට හෝ ඇය පැමිණ සිටියේ නැහැ.

ඉන්පසුව මේ වන තෙක්ම සැඟව ගිය කේෂිනී ගෝමස් පිළිබදව කිසිදු තොරතුරක් කලා ලෝකයෙන් නොඇසීම පිළිබදව බොහෝ දෙනා විමතිය පලකරනවා.

RECENT ARTICLES - SINHALA

උසස් පෙළ පිළිතුරු පරික්ෂාව කල් යාමට අපි වගකියන්නේ නැහැ – විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති...

උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාව ප්‍රමාද වීමේ වගකීම ආණ්ඩුව භාරගත යුතු බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා.

මීළඟ ජනපතිවරණ අපේක්ෂකයා ලෙස පොහොට්ටුවේ බහුතරය රනිල් තෝරා ගනී

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කිරීමට මේ වන...

රජයේ රෝහල්වල මීට පස්සේ කළු කොඩි බෑ – සෞඛ්‍ය අමාත්‍යාංශයේ අලුත්ම තීරණය මෙන්න

රජයේ රෝහල්වල සහ වෛද්‍ය ආයතනවල කළු කොඩි ප්‍රදර්ශනය කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තහනම් කර තිබෙනවා. චක්‍රලේඛයක් නිකුත් කරමින් එම...

RECENT ARTICLES - ENGLISH

Smuggling gold: Uebert Angel stripped of diplomatic impunity

0
Zimbabwean President Emmerson Mnangagwa has stripped presidential envoy and ambassador-at-large self-styled Prophet Uebert Angel of his diplomatic status in the aftermath of...

අද ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා  මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද(31)නැවත වැඩි වීමක් සිදුව තිබෙනවා.

Former US president faces criminal charges

0
Donald Trump has become the first former president of the United States to face criminal prosecution, but the charges have not been...