33 C
Colombo
Thursday, April 18, 2024

පළාත් සංචරණ සීමා ඉවත් කරන්නේ විනෝද චාරිකා යන්න නෙවෙයි – මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය

- Advertisement -

කොවිඩ් පැතිරීම පාලනය කිරීම සඳහා මාස දෙකක පමණ කාලයක් රටපුරා ක්‍රියාත්මක කෙරුණු පළාත් අතර සංචරණ සීමා රජය විසින් අද (01) අළුයම ඉවත් කරනු ලැබුවා.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය සදහන් කළේ රට සාමාන්‍යකරණයට පත් කිරීම සඳහා රජය මෙම පියවර ගත් බවයි.

මේ අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සදහන් කරන්නේ පළාත් අතර සංචරණ සීමා ඉවත් කරන්නේ විනෝද චාරිකා සඳහා යෑමට නොවන බවයි.

එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සදහන් කරන්නේ රට පුරා විවිධ ප්‍රදේශවලින් යළිත් රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇති බවයි.

එබැවින් ලැබුණු අවස්ථාව අනවශ්‍ය ආකාරයෙන් භාවිතා කර යළිත් කොවිඩ් රැල්ලක් ඇති කර නොගැනීම ජනතාවගේ වගකීම බව ඒ මහතා වැඩිදුරටත් සදහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

බැඳුම්කර හිමියන් සමඟ සාකච්ඡාවලට IMF සහය

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් සමඟ ශ්‍රී ලංකාවේ සාකච්ඡා සඳහා සහාය වීමට සූදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පවසා තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයෙකු සඳහන් කර...

සැකකරුවෙක් උසාවි භූමියේදී පැනලා ගිහින්

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ නිලධාරීන් භාරයේ මාලිගාකන්ද අධිකරණ භූමියට රැගෙන ආ අවස්ථාවේදී නිලධාරීන්ගේ මිදී පලා ගොස් තිබෙන බවට වාර්තා...

ජාතික ජන බලවේගයේ පිරිසක් කාදිනල් හිමි හමුවට

'පාස්කු ඉරුදින' ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීම වෙනුවෙන් ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කරන ප්‍රතිඥාව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමියන් වෙත...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්

උත්සව සමයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පූර්ණ කැපවීම හා දායකත්වය යටතේ රෝගී සත්කාරක සේවා කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පියවර ගෙන ඇති බව සෞඛ්‍ය...