28.9 C
Colombo
Friday, June 20, 2025

විභාග දෙපාර්තමේන්තුව ප්‍රතිසංවිධානය කරන්න – ජෝසප් ස්ටාලින්

- Advertisement -

විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමේ අර්බුදයට නිසි විසඳුමක් ලබාදීමට නම් විභාග දෙපාර්තමේන්තුව පුර්ණ ප්‍රතිසංවිධානයකට ලක්කිරීම අත්‍යවශ්‍ය සාධකයක් බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසනවා.

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් උද්ගතවී ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව අද (02) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා.

“දැන් විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමේ අර්බුදය දිගටම ආවා. ඒකෙන් අදහස් වෙන්නේ විභාග දෙපාර්තමේන්තුවේ තිබෙන අසමත්භාවය. 2024.04.12 වනදා විභාග දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරපු විභාග වංචා පිළිබඳ පුද්ගලයින්ගේ නාමලේඛනය තියෙනවා. 473 දෙනෙකේ ඉන්නවා විවිධාකාරව විභාග වංචාවලට සම්බන්ධ අය. මේ අයට විභාග තහනම් කරලා. එතනින් එහාට මොකද කරලා තියෙන්නේ. මේකේ ඉන්නවා.. සමහර කොට්ඨාස අධ්‍යක්ෂවරු. විවිධ නිලධාරීන්. විභාග දෙපාර්තමේන්තුව පුර්ණ ප්‍රතිසංවිධානයකට ලක් කිරීම අත්‍යවශ්‍ය සාධකයක්.”

මේ අතර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසන්නේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය කලින් පිටවූයේදැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශන මෙතෙක් අවසන් වී නොමැති බවට දැනුම්දී තිබෙන බවයි.

ඊයේ (01) මෙම දැනුම්දීම සිදුකර ඇති අතර ඒ අනුව අදාළ විමර්ශන සම්පූර්ණයෙන් අවසන් වනතුරු 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ කිසිඳු තීරණයකට එළැඹීමෙන් වළකින ලෙස මානව හිමිකම් කොමිෂන් සභාව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරිය වෙත ලිඛිතව දැනුම් දී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ධාවනයට නුසුදුසු වාහන ගැන තීරණයක්

හැටන් - මහනුවර ප්‍රධාන මාර්ගයේ ඊයේ (19) ධාවනය වූ ලංගම හා පෞද්ගලික බස් රථ ඇතුළු වාහන 44ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරිමට මෝටර් රථ දෙපාර්තමේන්තුවේ...

“අපි පිරිහුණ නිසා සජබේ පතිවත බිඳිලා” – හඳුන්නෙත්ති

ජාතික ජනබලවේගය විසින් පළාත් පාලන ආයතනවල බලය ලබා ගැනීමට ස්වාධීන කණ්ඩායම්වල සහය ලබා ගැනීම හේතුවෙන් සමගි ජන බලවේගයේ “පතිවත” බිඳී ඇති බව අමාත්‍ය සුනිල්...

බෝග හානි පාලනයට විසඳුම් සෙවීමට කමිටුවක්

වන සතුන්ගෙන් සිදුවන කෘෂිකාර්මික හානි පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනයක් සිදුකර කෙටි, මධ්‍යම සහ දිගු කාලීන විසඳුම් සෙවීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා රජය මඟින් කමිටුවක් පත්කර...

POPULAR ARTICLES

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ට්‍රම්ප් සම්බන්ධ විම ළඟදීම

ඉදිරි සති දෙක තුළ ඉරාන-ඊශ්‍රායල ගැටුමට සෘජුව  සම්බන්ධ වනවාද යන්න අමෙරිකාව තීරණය කරන බව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ජනපතිවරයා නිවේදනය කළේ, ඉරානය සමග සාකච්ඡා සඳහා...

ධාවනයට නුසුදුසු වාහන ගැන තීරණයක්

හැටන් - මහනුවර ප්‍රධාන මාර්ගයේ ඊයේ (19) ධාවනය වූ ලංගම හා පෞද්ගලික බස් රථ ඇතුළු වාහන 44ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරිමට මෝටර් රථ දෙපාර්තමේන්තුවේ...

“අපි පිරිහුණ නිසා සජබේ පතිවත බිඳිලා” – හඳුන්නෙත්ති

ජාතික ජනබලවේගය විසින් පළාත් පාලන ආයතනවල බලය ලබා ගැනීමට ස්වාධීන කණ්ඩායම්වල සහය ලබා ගැනීම හේතුවෙන් සමගි ජන බලවේගයේ “පතිවත” බිඳී ඇති බව අමාත්‍ය සුනිල්...