මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් හා හිටපු ජනාධිපතිවරුන්ට ලබාදෙන දීමනා හා වරප්‍රසාද පිළිබඳ නැවත සලකා බැලීමට පත්කළ කේ. ටී. චිත්‍රසිරි කමිටුවේ වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත භාර දී තිබෙනවා.
ඒ අද (02) ජනාධිපති කාර්යාලයේ දී යි.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක එම අවස්ථාවට එක්ව සිටියා.
මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් හා හිටපු ජනාධිපතිවරුන්ට ලබාදෙන දීමනා හා වරප්‍රසාද පිළිබඳ නැවත සලකා බැලීම සඳහා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කමිටුවක් පත් කරණු ලැබුවා.
කේ. ටී. චිත්‍රසිරි කමිටුවේ සංයුතිය වන්නේ,
කේ.ටී.චිත්‍රසිරි මහතා – (සභාපති) විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු
ඩී.දිසානායක මහතා – විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම්
ජයන්තා සී.ටී. බුළුමුල්ල මහත්මිය – විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම්/දිසාපති