33 C
Colombo
Saturday, April 20, 2024

එතනෝල් ජාවාරම්කරුට VIP පර්යන්තය දුන් රාජ්‍ය ඇමති ගැන වාර්තාව ජනපතිට

- Advertisement -

එතනෝල් ජාවාරමක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ව්‍යාපාරිකයෙකුට ගුවන්තොටුපළ ප්‍රභූ පර්යන්තය භාවිත කිරීමේ පහසුකම් සලසා දීමට රාජ්‍ය අමාත්‍යවරයෙක් විසින් කටයුතු කළ බවට වාර්තාව වූ සිද්ධිය සම්බන්ධ විමර්ශන වාර්තාව මේ වන විට ජනාධිපතිවරයාට භාරදී ඇති බව වාර්තා වනවා.

එතනෝල් ජාවාරමක් සම්බන්ධයෙන් චෝදනා ලැබ ඩුබායි රටට පැන ගොස් සිටි එතනෝල් ව්‍යාපාරිකයෙක්ට ගුවන්තොටුපළ ප්‍රභූ පර්යන්තය භාවිත කිරීමේ පහසුකම් සැලසීමට රාජ්‍ය අමාත්‍යවරයෙක් මැදිහත් වීමේ සිද්ධියක් පිළිබඳ පසුගියදා වාර්තා විය.

සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරි පියවර ගැනීම සඳහා අවශ්‍ය සීසීටීවී දර්ශන ඇතුළු ඕනෑම තොරතුරක් ලබාදීමට ගුවන්තොටුපළ කාර්ය මණ්ඩලය සූදානමින් සිටින බවයි කටුනායක ගුවන්තොටුපළ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.එච්. චන්ද්‍රසිරි මහතා පවසන්නේ.

එම සිද්ධිය පිළිබඳ වාර්තා වීමෙන් පසු ජනාධිපතිවරයා විසින් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස නියෝග කර තිබූ අතර ඒ අනුව සකස් කළ විමර්ශන වාර්තාවයි මේ වනවිට ජනාධිපතිවරයාට භාර දී ඇත්තේ.

RECENT ARTICLES - SINHALA

මිලියන 45 ක් නාස්ති කර පාස්කු ගැන තවත් විවාදයක්

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව පැවැත්වීමට නියමිත දින තුනක පාර්ලිමේන්තු විවාදය සඳහා රුපියල් මිලියන 45ක්  පමණ වැය වනු ඇති බවට පුවතක් ‘ඩේලි මිරර්’ වාර්තා කරනවා. මෙය...

ලොරි රථයකට යටවී කාන්තාවක් මරුට

නිට්ටඹුව, වතුපිටිවල ප්‍රදේශයේ‍දී යතුරුපැදියක ගමන් කළ කාන්තාවකගේ අත්බෑගයක් ලොරි රථයක බඳේ පැටලීමෙන් සිදුවු අනතුරකින් එම කාන්තාව මියගොස් තිබෙනවා. පොලීසිය පැවසුවේ, අත්බෑගය ලොරි රථයේ බඳෙහි...

විදුලිය හා ඉන්ධන අත්‍යවශ්‍ය සේවා කරමින් ගැසට් නිවේදනයක්

විදුලිය සැපයීමට හෝ ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන බෙදා හැරීමට සම්බන්ධ සියලුම සේවාවන් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

ඊශ්‍රායලයෙන් ඉවත් වෙන්නැයි ඕස්ට්‍රේලියානුවන්ට නිවේදනයක්

ඉරානය වෙත ඊශ්‍රායලය ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊශ්‍රායලයේ වෙසෙන සිය වැසියන්ට එරටින් ඉවත් වෙන ලෙස ඕස්ට්‍රේලියාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඊශ්‍රාලයෙන් ඉවත් වීම...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...