28.9 C
Colombo
Thursday, March 27, 2025

කටුනායකදී වාර්තාකරුවෙකුට මැර ප්‍රහාරයක්

- Advertisement -

ගුවන් තොටුපළ මාර්ගයේ රිය අනතුරක් වාර්තාකරණයට ගිය මාධ්‍යවේදියෙකුට ඊයේ  (01) ගුවන් තොටුපළ අසල ත්‍රීරෝද සංගමේ සාමාජිකයින් විසින් පහරදී තිබෙනවා.

පික්මී ආයතනයේ රියදුරෙකු මහතෙක් නයිකන්ද ප්‍රදේශයේ තම ත්‍රී රෝද රථය නවතාගෙන සිටින විටදී ගුවන්තොටුපළ පිටවීමේ පර්යන්තයේ දොරටුව අංක එක අසල ඇති ගුවන්තොටුපළ අවසර ලත් කුලී රථ ත්‍රී රෝද රථ සංගමයේ සාමාජිකයින් 15ට ආසන්න ප්‍රමාණයක් එම ස්ථානයට පැමිණ තිබෙනවා.

නයිකන්ද ප්‍රදේශයේ අවට නවතාගෙන සිටින පික්මී රියදුරන් හට රථවාහන පොලිස්  නීතිය අතට අරගෙන ඔහුව එම ස්ථානයේන් ඉවත් කිරීමට පියවර ගෙන තිබුණා.

එම අවස්ථාවේ අදාළ ත්‍රිරෝද රථය පසුපසට ගැනීමේදී අසල තිබූ බස් රථයක එම ත්‍රිරෝද රථය වැදී අනතුරකට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම සිදුවීම වාර්තාකරණයට ගිය මාධ්‍යවේදියා හට  ගුවන්තොටුපළ අවසර ලත් මෙම ත්‍රිරෝද  සංගමයේ සාමාජිකයින් විසින් මෙම සිදුවීම වාර්තා නොකරන ලෙසට බලපෑම් සිදුකර ඔහු සතුව තිබූ කැමරාව පැහැර ගැනීමට තැත් කර තිබෙනවා..

ප්‍රාදේශීය සිදුවීම් පිළිබඳ වාර්තාකරණයට යන  මාධ්‍යවේදීන් හට මෙවැනි ආකාරයේ මැර ප්‍රහාර සිදුවීම තුළින් මාධ්‍ය ක්ෂේත්‍රයේ ඔවුන් හට තම සේවාව ඉටු කිරීමට නොහැකි තත්වයක් පවතින අතර ජාත්‍යන්තර ගුවන් තොටුපළක් අසල මෙවන් මැර පිරිසක් සිටීම ජාත්‍යන්තර වශයෙන්  ශ්‍රී ලංකාව අපකීර්තියට පත්විය හැකි තත්වයක්.

මෙලෙස කලාකාරී ලෙස හැසිරෙන ත්‍රීරෝද රථ රියදුරන් නිසා මෙරටට පැමිණෙන දේශීය සහ විදේශීය මඟින් ද එම ත්‍රීරෝද රථවල ගමන් යෑම ප්‍රතික්ෂේප කරන අතර එම නිසා ඔවුන්ගේ ආරක්ෂාව පිණිස පික්මී සහ ඌබර් යන ආයතන වල සේවාවන් සඳහා යොමු වී තිබෙනවා.

මේ අතර, කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට  පැමිණෙන සහ පිටව යන දේශීය සහ විදේශීය ගුවන් මගීන් වෙත ගමන් පහසුකම් සලසා දෙන පික්මී ආයතනයේ ත්‍රී රෝද රථ රියදුරන් හට නිරන්තරයෙන් සිදුවන බාධා සම්බන්ධයෙන් ඊයේ (01) රාත්‍රී පික්මී  රියදුරන් සියලු දෙනා එකතු වී  කටුනායක පොලිස් ස්ථානයට ගොස් පැමිණිලි ඉදිරිපත් කරන ලදී.

මෙම ත්‍රී රෝද රථ රියදුරන් විසින් පොලිස් ස්ථානයට ගොස් පවසා ඇත්තේ ඔවුන්ට නයිකන්ද ප්‍රදේශයේදී සහ  ගුවන්තොටුපළ පිටවීමේ පර්යන්තය ඉදිරිපිට දී ගුවන් තොටුපළ අසල පිහිටි මෙම ත්‍රීරෝද රථ සංගමයේ සාමාජිකයින් විසින් නිරන්තරයෙන් පහරදීම් සහ තර්ජන එල්ල කරන බවයි.

මෙම ගුවන් තොටුපළ අසල සිටින ත්‍රී රෝද රථ සංගමයේ සාමාජිකයින් සමඟ  කිසිදු ගැටුමක් ඇති නොකරගෙන  පික්මී ආයතනය මගින් ලබා දෙන ගමන් වාරය ලබා ගැනීමට එම ස්ථානයට ගොස් මගියාව ආරක්ෂාකාරී ලෙස රැගෙන යාමට අවස්ථාව ලබා දෙන ලෙසට ඔවුන් පොලිසියෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මීට දින කීපයකට පෙරද මෙම ස්ථානයේ පික්මී රියදුරන් කිහිපදෙනෙකු තම රථය නවතා තිබියදී යම් පිරිසක් විසින් ත්‍රීරෝද රථවල ටෙන්ට් රෙදි කිසියම් ආයුධයකින් කපා පිටුපස වීදුරුවටද හානිකර ඇති බවද වාර්තා වෙනවා.

කෙසේවෙතත්,  ඊයේ  දින පික්මී රියදුරු මහතෙකුගේ අනතුරක් වාර්තාකරණයට එම ස්ථානයට පැමිණි මාධ්‍යවේදීයාටද පහර දීමට තැත් කිරීමත් සමඟ පික්මී  රියදුරන් ඒ සම්බන්ධයෙන් පැමිණිලි පොලීසියට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පැමිණිලි භාර ගෙන ඇති පොලීසිය ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරන බව පවසා තිබුණා.

(මිනුවන්ගොඩ – දමිත් තිසර)

RECENT ARTICLES - SINHALA

දළදා දැක්ම ගැන විශේෂ දැනුම්දීමක්

අප්‍රේල් මාසයේදී පැවැත්වීමට නියමිත සිරි දළදා දැක්මට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට රජය, මහනුවර නගර සභාව සහ දළදා මාළිගය හැර වෙනත් කිසිදු පාර්ශ්වයකට පවරා නැතැයි...

චාමර සම්පත් අල්ලස් කොමිසමට

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාගෙන් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම විසින්මේ වන විට ප්‍රශ්න කරමින් සිටින බවට වාර්තා වනවා. ඌව පළාත්...

වරකාපොළ මහෙස්ත්‍රාත් අධිකරණයට හොරු පැනලා

වරකාපොළ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයට අද (27) අලුයම සොරෙක් පැන තිබෙනවා. එම නඩු භාණ්ඩ කාමරයේ ජනේලය විවෘත කිරීම සඳහා ඔහු උත්සාහ කර ඇති...

POPULAR ARTICLES

දළදා දැක්ම ගැන විශේෂ දැනුම්දීමක්

අප්‍රේල් මාසයේදී පැවැත්වීමට නියමිත සිරි දළදා දැක්මට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට රජය, මහනුවර නගර සභාව සහ දළදා මාළිගය හැර වෙනත් කිසිදු පාර්ශ්වයකට පවරා නැතැයි...

චාමර සම්පත් අල්ලස් කොමිසමට

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාගෙන් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම විසින්මේ වන විට ප්‍රශ්න කරමින් සිටින බවට වාර්තා වනවා. ඌව පළාත්...

වරකාපොළ මහෙස්ත්‍රාත් අධිකරණයට හොරු පැනලා

වරකාපොළ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයට අද (27) අලුයම සොරෙක් පැන තිබෙනවා. එම නඩු භාණ්ඩ කාමරයේ ජනේලය විවෘත කිරීම සඳහා ඔහු උත්සාහ කර ඇති...