24.5 C
Colombo
Tuesday, June 17, 2025

අසිත ප්‍රනාන්දුගෙන් වාර්තා පිට වාර්තා රැසක්

- Advertisement -

නිමාවට පත් වූ ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තුළ ශ්‍රී ලංකා වේග පන්දු ක්‍රීඩක අසිත ප්‍රනාන්දුගේ නම වාර්තා පොත් අලුත් කිරීමට සමත් වුණා.

ඒ විශිෂ්ට කඩුලු 05ක් එංගලන්තයට එරෙහිව ලබා ගනිමින් තම නම ටෙස්ට් වංශ කතාවට එක් කරගනිමින්.

අසිත ලියාගත් වාර්තා අතර එංගලන්තය තුළ පැවති තරග තුනකින් සමන්විත ටෙස්ට්තරගාවලියක වැඩිම කඩුළු ලබාගත් ආසියානු වේග පන්දු යවන්නන් අතර තුන්වන ස්ථානය ඔහුට හිමි ව තිබෙනවා.

එහි පළමු තැන හිමි ව ඇත්තේ වර්ෂ 1982 දී පාකිස්තානයෙන් බිහි වූ විශිෂ්ට පන්දු යවන්නෙකු වන ඉබ්‍රාන් ඛාන්ටයි.

ඛාන් දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 21ක්.

2007 වසරේ දී කඩුලු 18ක් ලබාගත් ඉන්දියාවේ සහීර් ඛාන් හට දෙවැනි ස්ථානය හිමි ව තිබෙනවා.

ඉන් අනතුරුවයි කඩුලු 17ක් ලබාගත් අසිත ප්‍රනාන්දු සිය ස්ථානය තහවුරු කරගෙන ඇත්තේ.

වකාර් යුනිස් 1996 වර්ෂයේ දී කඩුලු 16ක් ද, චේතන් ශර්මා ඉන්දියාව වෙනුවෙන් 1986 දී කඩුලු 16ක් ද ලබා ගනිමින් පිළිවෙළින් සිව්වැනි සහ පස්වැනි තැන හොබවනවා.

මීට අමතරව අසිත ප්‍රනාන්දු එංගලන්තය තුළ දි ක්‍රීඩා කළ ටෙස්ට් තරගාවලියක වැඩිම කඩුළු ලබාගත් ශ්‍රී ලංකා වේග පන්දු යවන්නා ද වනවා.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ ළහිරු කුමාර වන අතර කුමාර නමින් කඩුලු 11ක් මෙම වසරේ දී ලියැවී තිබුණා.

ශාමින්ද එරංග කඩුළු 11ක් ද (2014), මිලාන් රත්නායක කඩුළු 10ක් (2024) සහ නුවන් ප්‍රදීප් කඩුළු 10ක් (2016) ද එංගලන්තයට එරෙහිව ටෙස්ට් තරගයක දී දවාගෙන තිබුණා.

එංගලන්තය තුළ දී වැඩිම ටෙස්ට් කඩුලු ලබාගත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතර තුන්වන ස්ථානය ද අසිත ප්‍රනාන්දුට හිමිව තිබෙනවා.

එහි මුලසුන කඩුලු 48ක් දවාගත් මුත්තයියා මුරලිදරන්ට ද, කඩුලු 21ක් දවාගත් රංගන හේරත්ට ද හිමිව තිබීම විශේෂත්වයක්.

ටෙස්ට් තරග 17 අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම කඩුලු ලබාගත් වේග පන්දු යවන්නා වන්නේ ද අසිත ප්‍රනාන්දු යි.

අසිත නමින් කඩුලු 62ක් ලියැවී තිබෙනවා.

එම ලැයිස්තුවේ අසිතට පහළින් සිටින්නේ කඩුලු 61ක් දවාගත් චමින්ද වාස්, අසන්ත ද මෙල් (59), ලසිත් මාලිංග (58)ක් සහ රුමේෂ් රත්නායක (57)ක් ලෙසයි.

RECENT ARTICLES - SINHALA

මාලිමා ආණ්ඩුව ගෙනියන්නෙත් රාජපක්ෂ සංස්කෘතිය – මුජුබර් රහුමාන්

කොළඹ මහ නගර සභාවේ පුරපති පත්කිරීමේදී පළාත් පාලන කොමසාරිස්වරිය කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් නීති පියවර ගැනීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී...

පෞද්ගලික බස් රථ සේවක මහත්වරුන්ට විශ්‍රාම වැටුපක්

මේ වසර ඇතුළත පොදු ප්‍රවාහන බස් රථ සේවයේ සුරක්ෂිත ගුණාත්මකභාවයක් ඇති කරලීම සහ මගී ජනතාවට සුවදායක ලෙස සිය ප්‍රවාහන කටයුතු සිදු කරගැනීමට අවශ්‍ය කරන...

දේශබන්දු කමිටුවට තවත් තුනක් සාක්ෂි දීලා

දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇතැයි කියන විෂමාචාර සම්බන්ධයෙන් විමර්ශනය කරන පරීක්ෂණ කමිටුව ඉදිරියේ තවත් සාක්ෂිකරුවෝ තිදෙනෙක් සාක්ෂි ලබා දී තිබෙනවා. පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන්...

POPULAR ARTICLES

මාලිමා ආණ්ඩුව ගෙනියන්නෙත් රාජපක්ෂ සංස්කෘතිය – මුජුබර් රහුමාන්

කොළඹ මහ නගර සභාවේ පුරපති පත්කිරීමේදී පළාත් පාලන කොමසාරිස්වරිය කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් නීති පියවර ගැනීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී...

පෞද්ගලික බස් රථ සේවක මහත්වරුන්ට විශ්‍රාම වැටුපක්

මේ වසර ඇතුළත පොදු ප්‍රවාහන බස් රථ සේවයේ සුරක්ෂිත ගුණාත්මකභාවයක් ඇති කරලීම සහ මගී ජනතාවට සුවදායක ලෙස සිය ප්‍රවාහන කටයුතු සිදු කරගැනීමට අවශ්‍ය කරන...

මැතිව්ස් සහභාගි වන අවසන් ටෙස්ට් තරගය හෙට 

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා පිල අතර පළමු ටෙස්ට් ක්‍රිකට් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හෙට(17) ආරම්භ වනවා. ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටම තුන්ඉරියව් ක්‍රීඩකයෙකු වන ඇන්ජලෝ...