27 C
Colombo
Saturday, April 20, 2024

චීන පොහොර සමාගමේ නියෝජිතයින් ඇමතිවරු හමුවී නිහඬව පිටව යයි

- Advertisement -

අහිතකර බැක්ටීරියා වර්ග අන්තර්ගත බව නැවත නැවතත් තහවුරු වූ චීන පොහොර තොගය සම්බන්ධව අදාල චීන සමාගම වන චින්දාවෝ සීවින් බයෝ ටෙක් සමූහයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සහ ප්‍රධාන තාක්ෂණික නිලධාරිනිය වන ඇනා සොන්ග් මහත්මිය සහ ගනුදෙනුවට අදාළ පාර්ශව කිහිපයක් ඊයේ (08) කෘෂිකර්ම අමාත්‍යංශයට කැඳවා තිබුණා.

එහිදී මාධ්‍ය විසින් විමසූ ප්‍රශ්න වලට ඇය පිළිතුරු දීමට උත්සාහ කළත් තානාපති කාර්යාලයේ නිලධාරීන් ඒ සඳහා ඇයට අවස්ථාව ලබා දී නැහැ.

කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවති මෙම සාකච්ඡාවට රජයේ පොහොර සමාගම්වල සභාපතිවරුන් සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් ද සහභාගී වී තිබෙනවා.

සාකච්ඡාව අවසානයේ චීන තානාපති කාර්යාලයේ සහ චීන සමාගමේ නියෝජිතවරු අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කරමින් එම ස්ථානයෙන් පිටව ගියා.

සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා,

“චීන තානාපතිතුමා මගෙ අමාත්‍යාංශයට එනවයි කිව්වාම මම එතුමාට එන්න දුන්නා. අපි එතුමාට අවස්ථාව දුන්නා එතුමාත් එක්ක සුහද සාකච්ඡාවක් කරන්න. පොහොර ප්‍රශ්නය සම්බන්ධයෙන් අපේ මතය අපි එතුමාට පැහැදිලි කළා. අධිකරණයේ මේ පිළිබඳ නඩුවක් තියෙනවා, ඒ නඩුව තියෙන නිසා මට මේ පිළිබඳ මගේ මතයක් ප්‍රකාශ කරන්න බෑ”

RECENT ARTICLES - SINHALA

හමුදාව හැරගිය අයට අද සිට පොදු සමා කාලයක්

ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ දීර්ඝ කාලීනව නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින හමුදා සාමාජිකයන් හට අද (20) සිට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා....

පෑලියගොඩ මාළු මිල ඉහළට

0
අද (20) දිනයේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ මාළු කිලෝවක තොග මිල පසුගිය දින කිහිපයට සාපේක්ෂව ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, මාළු කිලෝවක මිල මෙලෙස සටහන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (20) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. දෙහි මිල රු 1000, ඉගුරු රු 2800, රාබු රු 60,තක්කාලි...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

ඊශ්‍රායලයෙන් ඉවත් වෙන්නැයි ඕස්ට්‍රේලියානුවන්ට නිවේදනයක්

ඉරානය වෙත ඊශ්‍රායලය ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊශ්‍රායලයේ වෙසෙන සිය වැසියන්ට එරටින් ඉවත් වෙන ලෙස ඕස්ට්‍රේලියාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඊශ්‍රාලයෙන් ඉවත් වීම...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...