පෙර පාසල් අවධියේ සිටම ප්‍රජනන සෞඛ්‍ය සම්බන්ධයෙන් ඉගැන්වීම් දරුවන්ට ලබාදීමට විශේෂ කමිටුවක් පත් කර තිබෙනවා.
ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපතිනි, පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති ආයතන, ජාතික ළමා රක්ෂණ අධිකාරිය, පරිවාස හා ළමා රක්ෂණ සේවා දෙපාර්තමේන්තුව යන ආයතනවල නියෝජිතයන් ද මෙම කමිටුව පිහිටුවන බවයි.
ඒ අනුව අදාළ සම්බන්ධීකරණ කටයුතු සම්බන්ධ වගකීම අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පවරා තිබෙනවා.