ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ සහ මහ ලේකම් ධුරයේ කටයුතුවලට බාධා කිරීම වළක්වාලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස සිදු කළ ඉල්ලීමක් නිෂ්ප්‍රභා කිරීමට කොළඹ දිසා අධිකරණය නියෝග කර තිබෙනවා.
එම පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන සහ වැඩබලන ලේකම් සාරති දුෂ්මන්ත මිත්‍රපාල යන මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබුණා.
අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට තරම් පැමිණිලිකරුවන් විසින් කරුණු තහවුරු කර නොමැති වීම හේතුවෙන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව අධිකරණය සඳහන් කර තිබෙනවා.