30.6 C
Colombo
Tuesday, April 23, 2024

ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා ශ්‍රී ලංකාව වෙනුවෙන් කළ ඉල්ලීම

- Advertisement -

තාවකාලිකව ශ්‍රී ලංකාව අඩු ආදායම්ලාභී රටක් ලෙස වර්ගීකරණය පහත දමන ලෙසත් යුක්රේනයට ලබාදුන් ආකාරයටම හදිසි ණය ආධාරයක් ශ්‍රී ලංකාවට ලබා දෙන ලෙසත් ලෝක බැංකුවට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය නිර්දේශ කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම පහසු වීමටත්, ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දැඩි මූල්‍ය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා බහු පාර්ශවික සහාය ලබා ගැනීමටත් එම වර්ගීකරණය පහත හෙළීම උදව් වනු ඇතැයි මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය පවසා තිබෙනවා.

පසුගියදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව සමග පැවති සාකච්ඡාවලදී ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය මෙම නිර්දේශ ඉදිරිපත් කළ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ

ශ්‍රී ලංකාව ඩොලර් නොමැති වීම හේතුවෙන් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීමට අපොහොසත්ව දැඩි මුල්‍ය අර්බුදයකට මුහුණ පා සිටින අවස්ථාවේ ශ්‍රී ලංකාව අඩු ආදායම්ලාභී රටක් ලෙස වර්ගීකරණය පහත දමා ඒ අනූව ශ්‍රී ලංකාවට උදව් කළයුතු බවට සීතාරාමන් මහත්මිය තර්ක කර තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

නව විදුලිබල පනතෙන් වෙන හානියට ලක්ෂ 500ක වන්දියක් ඉල්ලා නඩුවක්

නව විදුලිබල පනත් කෙටුම්පත මගින් මෙරට පුරවැසියන්ට සිදුවන අගතිය වෙනුවෙන් රුපියල් ලක්ෂ 500ක වන්දියක් ඉල්ලා අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය ඊයේ...

Fox Hill DJ පාටිය ගැන යුද හමුදාවෙන් නිවේදනයක්

දියතලාව Fox Hill සුපර් ක්‍රොස් තරගාවලිය අතරතුර සිදු වු අනතුරෙන් පසු Fox Hill Journey නමින් පවත්වන ලද DJ රාත්‍රිය සම්බන්දයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව...

විරෝධතාවයකට එරෙහිව අධිකරණයෙන් නියෝගයක්

ලංකා විදුලි සේවක සංගමය මගින් හෙට (24) පොල්දූව වටරවුම ආශ්‍රිතව සංවිධානය කර ඇති විරෝධතාවයට එරෙහිව පොලීසිය විසින් අධිකරණ නියෝගයක් ලබාගෙන ඇත. පොලීසිය පවසන්නේ වැලිකඩ පොලිස්...

POPULAR ARTICLES

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...