31.7 C
Colombo
Friday, June 20, 2025

X-Press Pearl නැවේ නඩුවකට අදාළව නීතිපති කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප වෙයි

- Advertisement -

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන අධි චෝදනා පත්‍රය අත්හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අදාළ නඩුවේ විත්තිකරුවන් වශයෙන් න කර සිටින එම නෞකාවේ දේශීය නියෝජිත සමාගමේ අධ්‍යක්ෂවරු විසින් ඉදිරිපත් කළ

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය පිළිබඳව කොළඹ මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන අධි චෝදනා පත්‍රය අත්හිටුවමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අදාළ නඩුවේ එම නෞකාවේ දේශීය නියෝජිත සමාගමේ අධ්‍යක්ෂවරු විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් කළ ඉල්ලීමක් ශ්‍රේෂ්ඨාධිකරණය අද (16) ප්‍රතික්ෂේප කර තිබෙනවා.

අදාළ අභියාචනා පෙත්සම පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස නීතිපතිවරයා අධිකරණයෙන් ඉල්ලා තිබුණා.

තිපතිවරයා විසින් ඉදිරිපත් කළ එම මෝසම අද අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, ඒ. එච්. එම්.ඩී. නවාස් සහ අචල ඩෙංගප්පුලි යන අයගෙන් සමන්විත ත්‍රි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී, අදාළ මෝසම සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියේ මෙම නඩුකරයට අදාළ ඉතා වැදගත් කාරණා කීපයක් විසඳීමට නියමිතව තිබෙන හෙයින් ඒ සඳහා පූර්ණ විනිසුරු මඩුල්ලක් නම් කරන ලෙසයි.

කෙසේවෙතත්, අදාළ නෞකාවේ දේශීය නියෝජිත සමාගමේ අධ්‍යක්ෂවරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් වන රොමේෂ් ද සිල්වා සහ සරත් ජයමාන්න යන අය එම ඉල්ලීමට ඉල්ලීමට දැඩි විරෝධය පළ කළේ ඒ සඳහා කිසිදු නීතිමය පදනමක් නොමැති බව පවසමින්.

මෙවැනි ඉල්ලීමක් කළ යුත්තේ නඩු විභාගය ආරම්භයේදී බවත් අභියාචනා පෙත්සම් විභාගය සඳහා දින නියම කර තිබියදී මෙවැනි ඉල්ලීමක් නීතිපතිවරයා විසින් ඉදිරිපත් කිරීම පදනම් විරහිත බවත් විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥවරුන් පෙන්වා දී තිබුණා.

ඒ අනුව, නීතිපතිවරයාගේ ඉල්ලීම ගාස්තුවකට යටත්ව නිෂ්ප්‍රභ ලෙසත් ජනාධිපති නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලීම් කළා.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විණිසුරු මඩුල්ල නීතිපතිවරයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා.

RECENT ARTICLES - SINHALA

පොහොට්ටුවත් එක්ක ගාල්ලේ බලය මාලිමාවට

ගාල්ල මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිව තිබෙනවා. ගාල්ල මහ නගර සභාවේ මංගල රැස්වීම පළාත් පාලන මහකොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් අද (20) පැවැත්වුණා. ගාල්ල මහ නගර...

සිරකරු සමාවට තුන්කට්ටුවක් මැති සබේ පැටලිලා

ජනාධිපති සමාව යටතේ සිරකරුවන් නිදහස් කිරීමේදී ජනාධිපතිවරයාගේ ලේඛනයට අදාළ නොමැති සිරකරුවෙකු නිදහස් කිරීමේ පිළිබඳ නැවත පාර්ලිමේන්තුවේදී ඊයේ (19) උණුසුම් සංවාදයක් ඇති වුණා. ඒ අමාත්‍ය ආනන්ද...

 හල්ලොලුවට ඇප

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතාට ඇප හිමිව තිබෙනවා. හල්ලොලුව මහතා අද (20) පෙරවරුවේ කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය...

POPULAR ARTICLES

සිරකරු සමාවට තුන්කට්ටුවක් මැති සබේ පැටලිලා

ජනාධිපති සමාව යටතේ සිරකරුවන් නිදහස් කිරීමේදී ජනාධිපතිවරයාගේ ලේඛනයට අදාළ නොමැති සිරකරුවෙකු නිදහස් කිරීමේ පිළිබඳ නැවත පාර්ලිමේන්තුවේදී ඊයේ (19) උණුසුම් සංවාදයක් ඇති වුණා. ඒ අමාත්‍ය ආනන්ද...

ලුණු සහ විෂ බැක්ටීරියා පමණක් ඇතුළත් ද්‍රාවණයකට රජයෙන් ලක්ෂ 1444ක් වැය කරලා – නීතිපති

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධ ගනුදෙනුවට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ඇතුළු සැකකරුවන් 11 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ අවසන් වාර්තාව...

පොහොට්ටුවත් එක්ක ගාල්ලේ බලය මාලිමාවට

ගාල්ල මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිව තිබෙනවා. ගාල්ල මහ නගර සභාවේ මංගල රැස්වීම පළාත් පාලන මහකොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් අද (20) පැවැත්වුණා. ගාල්ල මහ නගර...