අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂකවරයෙකුට බන්ධනාගාරය තුළදී පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළා.
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින එම සැකකාර පොලිස් පරීක්ෂකවරයා වෙනුවෙන් ඔහුගේ නීතිඥවරු ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් මෙම නියෝගය නිකුත් කළ බව සඳහන්.
ඊට අමතරව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කොට වාර්තාවක් ලබන 19වෙනි දින ඉදිරිපත් කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා විසින් බොරැල්ල පොලීසියට වැඩිදුරටත් නියෝග කර සිටියා.