27.8 C
Colombo
Thursday, April 25, 2024

ගලවපු Mrs. Sri Lanka කිරුළ යළිත් පුෂ්පිකාටම

- Advertisement -

ඊයේ (04) දිනයේ ආන්දෝලනාත්මක ලෙස අවසන්වූ Mrs. Sri Lanka අවසන් වටයේ තරඟයේදී සිය කිරුළ අහිමිවූ පුෂ්පිකා ද සිල්වා මහත්මිය හට නැවත වරක් එම කිරුළ හෙට (06) දිනයේදී ලබාදීමට කටයුතු කරන බවට එම තරඟාවලියේ සංවිධායකයන් පවසනවා.

අවසන් වටයෙන් ඇය ජයග්‍රාහිකාව ලෙස තේරී පත්වී කිරුළ පැළදුවත් එම තරඟයේ තේරීම් කමිටු සාමාජිකාවක හා ලෝක විවාහක රූ රැජිණක් වන කැරොලයින් ජූරි මහත්මිය එම කිරුළ යළිත් පුෂ්පිකා මහත්මියගෙන් ඉවත්කර අනෙක් තරඟකාරිය හට පැළදවීමට කටයුතු කරනු ලැබුවා.

ඒ පුෂ්පිකා මහත්මිය දික්කසාද වී ඇති හෙයින් ඇය තරඟ නීති රීති කඩකිරීමක් සිදුකර ඇති බව පවසමින්.

කෙසේ වෙතත් එම කිරුළ ඇයගේ හිසින් බලහත්කාරයෙන් ගලවා දමන අවස්ථාවේදී පුෂ්පිකා මහත්මියගේ හිස් කබලට තුවාල සිදුව තිබෙනවා.

අදාළ තුවාල හේතුවෙන් ඇය මේ වන විට රෝහල් ගතවී ප්‍රතිකාර ලබමින් සිටිනවා.

එමෙන්ම තමන්ට ඇතිවූ අපහාසය හා ශාරීරික පීඩා පිළිබදව ඇය මේ වන විට පොලීසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

හොර ඒජන්සිවලට වැඩවරදියි

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධී ලෙස මුදල් එක් කරන පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස කම්කරු සහ විදේශ රැකියා...

ඉරාන සහ ලංකාව අතර ගිවිසුම් 05ක්

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තබා තිබෙනවා. මෙම අවබෝධතා ගිවිසුම් මගින් දෙරට අතර චිත්‍රපට කර්මාන්තය,...

රිලා ගහනය අඩු කරන්න පේරෙන් ලුපයක්

රිළා ගහනය අවම කිරීමේ පර්යේෂණ ප්‍රතිඵලයක් ලෙස රිළවියක ගේ ගර්භාෂයේ ලූපයක් තැන්පත් කිරීම අද (24) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ දී සාර්ථකව සිදු කරනු...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...