26.4 C
Colombo
Thursday, March 28, 2024

ණයබර නිසා සියදිවි නසා ගැනීමට තැත් කළ ගුවන් හමුදා සෙබළෙකු බේරාගනියි

- Advertisement -

ඩකලපුව ගුවන් හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ ගුවන් හමුදා සෙබළෙක් ගසක එල්ලී සියදිවි නසා ගැනීමට තැත් කළ පුද්ගලයෙකු බේරා ගැනීමට පොලිස් සැරයන්වරයෙකුට හැකියාව ලැබී තිබෙනවා.

මඩකලපුව – පොළොන්නරුව මාර්ගයේ රිදීතැන්න ප්‍රදේශයේ දී අදාළ පුද්ගලයා සියදිවි නසා ගැනීමට උත්සාහ කරන අවස්ථාවේ දී සිය රාජකාරි වැඩ මුරය අවසන් වී පොලිස් ස්ථානය වෙත ගමන් කරමින් සිටි පොලිස් සැරයන්වරයෙකු මෙම සිද්ධිය දැක ඇති අතර, එහිදී එම පුද්ගලයාව අනතුරෙන් බේරාගෙන රෝහලගත කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා පසුගිය 18 වැනි දින නිවාඩු ලබා උලපනේ පිහිටි ඔහුගේ නිවසට පැමිණ ඇති අතර, නිවාඩු අවසන් වී නැවත පැමිණෙන විට ඔහුව කිසියම් පිරිසක් විසින් ඝාතනය කිරීමට පැහැරගෙන ගොස්, හිංසා සිදු කර ඇති බවයි හෙතෙම පොලිසිය සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ.

නමුත් එම ප්‍රකාශයෙන් පොලිසියට සැකයක් පැන නැගීම හේතුවෙන් සිදු කරන ලද ඉදිරි විමර්ශන කටයුතුවලදී අනාවරණ වී ඇත්තේ, මෙම තැනැත්තා නිවාඩු ලබා කඳවුරෙන් පැමිණීමට පෙර සිය කඳවුරේ මිතුරන්ගෙන් රුපියල් දෙලක්ෂයකට ආසන්න මුදලක් ණය වශයෙන් ගෙන ඇති බවත්, එම ණය මුදල් වරින්වර ණයහිමියන් විසින් ඉල්ලා ඇති බවයි.

එම ණය මුදල් පියවීමට ඇති නොහැකියාව හේතුවෙන් මෙම පුද්ගලයා මෙලෙස සියදිවි නසා ගැනීමට උත්සාහ කර ඇති බවයි පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.


RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...