29.7 C
Colombo
Wednesday, April 24, 2024

පොහොට්ටු මන්ත්‍රීවරියගේ තැබෑරුමට ප්‍රදේශවාසීන්ගේ විරෝධය (වීඩියෝ)

- Advertisement -

හක්මණ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පමෝදා රත්නායක මන්ත්‍රීවරියට අයත් හෝටලයකට මත්පැන් බලපත්‍රයක් නිකුත්කිරීම සම්බන්ධයෙන් හක්මණ-කෝංගල ප්‍රදේශවාසීන් විසින් අද (18) පෙරවරුවේ විරෝධතාවයක නිරතවිය. ඒ කෝංගල – විජය මාවත අවහිර කරමින්.

විරෝධතාවයට එක්වූ ජනතාව ප්‍රකාශ කලේ,
”කෝංගල කියන්නෙ අහිංසක දුප්පත් මිනිස්සු ඉන්න ගමක්. මේ ගමේ මිනිස්සු ජීවත් වෙන්නෙ කුලී වැඩ කරල. කලින් අපේ මිනිස්සු බොන්න ඕන උනත් දුරට යන්න වෙන නිසා බිව්වෙ නෑ. ඒ සල්ලි වලින් අපි කාලා බීලා ඇඳල සතුටින් හිටියා.

දැන් අපේ ගම මැදට තැබෑරුමක් ඇවිත්. අපේ මිනිස්සු දුක් මහන්සියෙන් හම්බ කරන තුට්ටු දෙක තැබෑරුම් කාරයට පූජා කරල ගෙදර මිනිස්සු බඩගින්නෙ ඉන්න වෙලා. මේ හරහා වෙන්න පුලුවන් සමාජ විරෝධී ක්‍රියා වලට මන්ත්‍රීතුමිය වග කියනවද?”

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ හක්මණ ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී පී.ඒ. ශාන්ත මහතා,
”දැන් ආණ්ඩුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකට බාර් පර්මිට් 3ක් 4ක් දෙන්න පටන් අරන්. මේ පැත්තට සංචාරකයො වත් එනව නම් හිතන්න තිබුණ මේක සංචාරකයන්ට අරක්කු විකුණන්න ඕන නිසා දුන්න කියල.

එහෙමත් නැති නිසා අනිවාර්යයෙන් මේ අපේ ගම්වල ඉන්න අහිංසක මිනිස්සුන්ගෙ තුට්ටු දෙක හූරන් කන්න කරපු වැඩක්. මේ අහිංසක මිනිස්සුන්ව හූරන් කන්න හදන ව්‍යාපෘතියට අපේ ගමේ, කොට්ඨාශයේ මන්ත්‍රීවරුත් සම්බන්ධවෙලා.”

අප සිදුකල විමසීමේදී දැනගන්නට ලැබුණේ මෙම බලපත්‍රය ලබාදීම සම්බන්ධයෙන් හක්මණ ශාසනාරක්ෂක බලමණ්ඩලයද ඒකමතිකව විරෝධය පලකර ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

කිරිපිටි මිල පහළට

ආනයනික කිරිපිටි මිල හෙට සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දමන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. ඒ අනුව එම සංගමය පවසන්නේ ආනයනික කිරිපිටි කිලෝ එකක මිල...

රනිල්ට අභියෝගය රනිල්ම තමයි-රවී

මොන කයිවාරුව ගැහුවත් රට ගොඩ ගැනීමේ අභියෝගය භාර ගැනීමට සිටියේ එක පුද්ගලයෙක් බවත් මේ වන විට ජනතාවට එය පෙනෙන්නට ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ...

බෝ අත්තක් කොළඹ ප්‍රධාන මාර්ගයකට වැටී අනතුරක්

කොළඹ සංඝරාජ මාවත අසළ පිහිටි විහාරයක බෝ ගසක අත්තක් කඩාවැටීමෙන් මීට සුළු මොහොතකට පෙර අනතුරක් සිදුව තිබෙනවා. ශ්‍රී සංඝරාජ බෝධිමළු විහාරයේ බෝ ගසේ අත්තක් මෙලෙස...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...