24 C
Colombo
Wednesday, January 22, 2025

පහරදීමට විරෝධය. ගුරුවරුන් හෙටත් ලෙඩින්

- Advertisement -

කොළඹ කොටුවේදී අද (26) පැවැති ගුරු උද්ඝෝෂණයට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට විරෝධය දක්වා හෙට (27) දිනයේදීද ගුරු-විදුහල්පති සංගම් අසනීප නිවාඩු වාර්තා කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසනවා.

News19 කළ විමසුමකදී ඔහු සදහන් කළේ සාමකාමීව පැවැත්වූ ගුරු විරෝධතාවය මර්දනය කිරීම සඳහා ආණ්ඩුව ක්‍රියාකළ ආකාරය දැඩිව හෙළා දකින බවයි.

මේ සම්බන්ධයෙන් වන ඉදිරි ක්‍රියාමාර්ග හෙට දිනයේ දැනුම්දෙන බවත් ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ ඉල්ලීම් දිනාගන්නා තෙක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ග අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් ජෝසප් ස්ටාර්ලින් මහතා සදහන් කළා.

කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටින් ආරම්භ කළ විරෝධතා පාගමන සදහා දැවැන්ත ගුරු හා විදුහල්පති සහභාගීත්වයක් තිබූ බව අප වාර්තාකරු සදහන් කළා.

එය විසුරුවා හැරීම සඳහා පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ අතර එහිදී මාධ්‍යවේදීන්ද ප්‍රහාරයට ලක්වුණා.

RECENT ARTICLES - SINHALA

ජනපති අනුර සහභාගිවන සිරස ‘සටන’ සජීවීව නරඹන්න

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගි වන 'පරණ පුරුදු සටන' වැඩසටහන අද (21) පස්වරු 10.30 සිට සිරස TV නාළිකාව ඔස්සේ සජීවීව විකාශය වනවා. එම වැඩසටහන...

රියදුරන්ට පොලීසියෙන් දැනුම්දීමක්

මහනුවර මහියංගණය ප්‍රධාන මාර්ගය මහනුවර පොලිස් වසමේ තැන්නේකුඹුර හන්දියෙන් හා හසලක පොලිස් වසමේ පාලම් හන්දියෙන් රාත්‍රී කාලයේදී වසා දැමීම නිසා රියදුරන්ට භාවිත කළ හැකි...

අලුත් පත්කිරීම් 3කට කැබිනට් අනුමැතිය

රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු 3ක් සඳහා නව පත්කිරීම් සිදුකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැති හිමිව තිබෙනවා. ඒ අනුව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරය සඳහා ශ්‍රී...

POPULAR ARTICLES

තුර්කියේ හෝටලයක ඇති වූ ගින්නකින් මියගිය සංඛ්‍යාව ඉහළට

තුර්කියේ හෝටලයක ඇති වූ ගින්නක් හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 66 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම මාධ්‍ය වාර්තා කර ඇත්තේ තවත්...