32 C
Colombo
Saturday, March 25, 2023

ශ්‍රී ලංකාවට එරෙහි යෝජනා කෙටුම්පත සම්මත වෙයි. යුක්‍රේනයත් මෙරටට එරෙහිවෙයි.

- Advertisement -

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකාව සම්බන්දයෙන් වන යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම අද (23) පැවැත්වුණා.

එම යෝජනාවට පක්ෂව රටවල් 22ක් ඡන්දය ප්‍රකාශ කළ අතර, ඊට විරුද්ධව රටවල් 11 ක් සිය ඡන්දය ප්‍රකාශ කළා.

තවත් රටවල් 14ක් ඡන්දය දීමෙන් වැළකී සිටිමට කටයුතු කර තිබුණා.

ඒ අනුව අදාල යෝජනාවෙන් ශ්‍රී ලංකාව පරාජයට පත්ව තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැෂලේ විසින් මෙවර සැසිවාරය සඳහා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්ද වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබූ අතර මානව හිමිකම් උල්ලංඝනය සම්බන්ධයෙන් යුද අපරාධ විමර්ශනය, වත්කම් අත්හිටුවීම, සංචාර තහනම ඇතුලු සම්බාධක නිර්දේශ කරනු ලැබ තිබෙනවා.

එමෙන්ම රාජ්‍ය යාන්ත්‍රණය තුළ විශ්‍රාමික හමුදා නිලධාරීන් නිරත කරවීම, 19 සංශෝධනය වැනි ව්‍යවස්ථාමය ආරක්ෂණ විධිවිධාන ඉවත් කරනු ලැබීම, කෝවිඩ්-19 වසංගතයෙන් මියගිය පුද්ගලයින් ආදාහනය කිරීම් ද මානව හිමිකම් සීමා කිරීමක් ලෙස මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාව මඟින් හදුනාගෙන ඇති බවද එහි සඳහන්.

ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය යන තේමාව මුලික කරගත් යෝජනාවක් මෙවර එක්සත් ජාතීන්ගේ 46 වැනි මානව හිමිකම් කවුන්සිල සැසිවාරය සඳහා මහා බ්‍රිතාන්‍ය, කැනඩාව, ජර්මනිය, උතුරු මැසිඩෝනියාව, මොන්ටිනිග්‍රෝ සහ මලාවි යන රාජ්‍යයන් විසින් ගෙන එනු ලැබුවා.

ඒ අනුව අද පැවති ඡන්ද විමසීමේදී ඡන්දය දීමෙන් වැලකී සිටි රටවල් අතර අසල්වැසි ඉන්දියාව ද සිටීම විශේෂත්වයක්.

එපමණක් නොව කලාපීය හිතවතකු වන නේපාලය හා ජපානය ඡන්දය දීමෙන් වැළැකී සිටීම කැපී පෙනුණා.

ඉන්දියාව ඇතුළු බහරේන්, ගැබෝන්, සෙනගාල්, සුඩාන්, ටොගෝ, ඉන්දුනීසියාව, ලිබියාව, ජපානය, නැමීබියාව, නේපාලය, කැමරොන් හා බුර්කිනා පාසෝ හා නෙදර්ලන්තය ඡන්දය දීමෙන් වැලකී සිටියා.

ලංකාවට පක්ෂව ඡන්දය දුන්නේ බොලීවියාව, චීනය , පාකිස්ථානය, බංග්ලාදේය, පිලිපීනය, රැසියාව, උස්බෙකිස්තාන්, කියුබාව, එරිත්‍රියාව, වෙනිසියුලාව, සෝමාලියාව යන රාජ්‍යයන් පමණයි.

ප්‍රංශය, ජර්මනිය, එංගලන්තය, ඉතාලිය, ආජන්ටිනා, ඕස්ට්‍රියා, බහමාස්, ආමේනියා, ආජන්ටිනාව, බ්‍රසීලය, ෆීජී, බල්ගේරියා, අයිවරි කොස්ට්, කොරියාව, පෝලන්තය, යුක්‍රේනය, උරුගුවේ, මෙක්සිකෝ, මලාවි, මාෂල් අයිලන්ඩ්, ඩෙන්මාර්ක් හා චෙක් ජනරජය යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදි තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ඇමති බන්දුලට හූ කියා ගිය පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවට

0
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම පිටිපන හන්දිය ආසන්නයේ අභිනවයෙන් ඉදි කෙරෙන බුද්ධ මන්දිරයකට මුල්ගල් තබන අවස්ථාවේදී හූ...

ලැබෙන ආධාරවලින් හෝ රාජ්‍ය සේවක වැටුප් ගෙවනවා – අගමැති

0
මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ඉදිරි දිනවලදී කැඳවා සාකච්ඡා කිරීමට සූදානම් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. පළාත් පාලන ඡන්දය පැවැත්වීමට...

බැසිල් හදිසියේම ජනපති හමුවෙයි

0
බැසිල් රාජපක්ෂ මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේ ඉතා පෞද්ගලික මට්ටමේ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වනවා.

RECENT ARTICLES - ENGLISH

‘Prophet’ Uebert Angel involved in gold smuggling scheme

0
One of Zimbabwe’s most influential diplomats, Uebert Angel, offered to use his status to launder millions of dollars through a gold-smuggling scheme,...

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...