අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්තවල කොවිඩ් 19 වෛරසය යළිත් හිස එසවීමේ අවදානමක් මතුව තිබෙන බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.
ෆෙඩරල් සෞඛ්‍ය දත්තවලට අනුව සතිපතා නව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගත වන රෝගීන්ගේ ප්‍රමාණය ද ඉහළ ගොස් තිබෙනවා.
ඊට අමතරව කොරෝනා රෝග ලක්ෂණ යැයි සැක සහිතව කොවිඩ් 19 පරීක්ෂණ සිදු කරගැනීමේ ද ඉහළ අනුපාතයක් දක්නට ලැබෙන බවට විදෙස් වාර්තා පෙන්වා දෙනවා.
එසේම එරට සෞඛ්‍ය අංශ පෙන්වාදෙන්නේ තම සමීපතමයෙකුට යම්කිසි අයුරින් උණ, හෙම්බිරිස්සාව, කැස්ස ආදී රෝග ලක්ෂණයක් ඇති වුවහොත් බොහෝ පිරිස් නිවසේ දී ම කොවිඩ් පරීක්ෂණ සිදු කරගැනීමට පෙළඹී ඇති බවයි.
මේ අනුව එක්සත් ජනපද ආහාර සහ ඖෂධ පරිපාලනය විසින් හදිසි භාවිතය සඳහා දුන් අවසරය යටතේ මිල දී ගැනීමට Covid-19 ප්‍රතිදේහජනක පරීක්ෂණ ලබා දී තිබෙන බවත් මෙම පරීක්ෂණය සඳහා මිනිත්තු 20-30ක් පමණ වැය වන බවත් මෙහි ප්‍රතිඵල දින දෙකක් තුළ ලැබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.