24 C
Colombo
Thursday, January 23, 2025

සේවය හැර ගිය නිලධාරීන්ට වැඩිපුර ගෙවලා

- Advertisement -

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය හැර ගිය නිලධාරීන් 85 දෙනෙකුට ලක්ෂ විස්සකට ආසන්න මුදලක් වැඩිපුර ගෙවා තිබූ බව ජාතික විගණන කාර්යාලය  නිකුත් කළ වාර්තාවක සඳහන් වනවා.

එම මුදල් කාලයක් තිස්සේ අය කර ගැනීමට අපොහොසත්ව තිබූ බවයි එහි දැක්වෙන්නේ.

මේ අතර මියගිය සහ විශ්‍රාම ගිය සේවකයන්56 දෙනෙකුගෙන් 37 දෙනෙකුට රුපියල් ලක්ෂ 11කට වැඩි මුදලක් වැඩිපුර ගෙවා තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසනවා.

මෙලෙස වැඩිපුර මුදල් ගෙවා තිබුණේ 2015 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වායි.

මේ අතර මාන් කේන්ති කජු ව්‍යාපෘතියේ කජුගස් 8787 ඇති බව සඳහන් වුවද දැනට පවතින්නේ කජු ගස් 3682 ක් වීම හේතුවෙන් කජු ගස් 5105ක ඌණතාවයක් පැවතුණ බවත් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගෙන නොතිබූ බවත් වාර්තාවේ දැක්වෙනවා.

කජු වගාව සඳහා භාවිතා කරන මොස්පිලාන් පැකට් 2930ක් තාවකාලික ගබඩාවේ අනාරක්ෂිතව ගබඩා කිරීම හේතුවෙන් එම පැකට් සියල්ල කල් ඉකුත් වීමෙන් රජයට ලක්ෂ 31ක පමණ පාඩුවක් සිදුව ඇතැයි විගණන අංශ පවසනවා.

මේ තොරතුරු සඳහන් වන්නේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේයි.

RECENT ARTICLES - SINHALA

Breaking: අනුර ප්‍රියදර්ශන යාපා අත්අඩංගුවට

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (22) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පවසනවා. මීට අමතරව...

අම්බලන්තොට වෙඩි තැබීමක්

අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ අද (22) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් කළ විමසීමකදී පවසා සිටියේ, මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම...

ජනපති හා මුදල් අමාත්‍යාංශ නිළධාරීන් අතර හමුවක්

රටේ සෑම ජන කොටසක්ම ආර්ථික ක්‍රියාවලියට සහභාගි කර  ගැනීමේ අරමුණින් මෙවර අයවැය සකස් කරන බව,  ජනාධිපති අනුර කුමාර  දිසානායක  මහතා  ප්‍රකාශ කළා. ඒ 2025 අයවැය...

POPULAR ARTICLES