32 C
Colombo
Tuesday, February 18, 2025

පරණ ෆයිල් අදින එක දැන් ක්‍රීඩාවක් වෙලා – විමල්

- Advertisement -

පරීක්ෂා කිරීමකින් තොරව පසුගිය දා රේගුවෙන් නිදහස් කළ කන්ටේනර් තුන්සිය විසි තුන ආණ්ඩුකාරවරයකුට අයිති බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.

මෙම කන්ටේනර් රතු ලැයිස්තුවට අයිති යැයිද ඒ ආකාරයට ගජ මිතුරන්ට සහන දීම දූෂණ විරෝධී යැයි පවසන මෙම ආණ්ඩුවකට කළ හැකි ද යන්න ප්‍රශ්නයක් බව ද හිටපු අමාත්‍යවරයා සඳහන් කරනවා.

එම කන්ටේනර් පිටවීමේ වගකීම නියෝජ්‍ය අමාත්‍යවරයා භාරගන්නා බවට පැවැසුව ද වරායේ කන්ටේනර් පරීක්ෂා කිරීමට අමාත්‍යවරයෙකුට බලතල කොහෙන්දැයි විමල් වීරවංශ ප්‍රශ්න කර සිටිනවා.

මෙම කන්ටේනර් තුළ නීති විරෝධී ද්‍රව්‍ය ඇති බවට තමා සැක කරන බව ද මෙම සිද්ධිය නීතිය අවභාවිත කිරීමක් බව ද විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයා තවදුරටත් පවසා සිටියා.

පරණ ෆයිල් ඇදීම දැන් ක්‍රීඩාවක් වී ඇතැයිද මීට කලිනුත් යහපාලන ආණ්ඩු සමයේ මෙම ක්‍රීඩාව සිදුවූ බවද විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයා පෙන්වා දෙනවා

RECENT ARTICLES - SINHALA

රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකරපු විදිය ගැන වෘත්තීය සමිති රැසකගේ අප්‍රසාදය

මෙවර අයවැය මඟින් රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවට වෘත්තීය සමිති රැසක අප්‍රසාදය පළ කර තිබෙනවා. අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා...

වියළි කාලගුණික තත්ත්වයෙන් ජල සැපයුමට බාධා

පවතින කාලගුණික තත්ත්වය හමුවේ ජල සැපයුමට බාධා ඇති වීම සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මේ දිනවල දිවයිනේ පවතින අධික...

හිටපු ඇමති ප්‍රියංකරට අධිචෝදනා

හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා බාරදී තිබෙනවා. ඔහු සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ රුපියල් 494000/- ක...

POPULAR ARTICLES