30.4 C
Colombo
Wednesday, April 24, 2024

රස්තියාදුවෙන්න එන්නේ නැහැ කියූ සිරිල් ගාමිණි පියතුමන් පොලිස් නියෝග මත අද යළි CID යට

- Advertisement -

රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා සිදුකරන ලද පැමිණිල්ලකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තතමේන්තුව හමුවේ දින 02ක කාලයක් පැය 16ක කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් පසු තමන් යළි රස්තියාදුවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොඑන බව පැවසු සිරිල් ගාමිණි පියතුමන්ව අද (22) යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා පැවසුවේ අද පෙරවරු 9.30ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස සිරිල් ගාමිණි පියතුමන්ට දැනුම්දුන් බවයි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදින්ට එවකට බ්‍රිගේඩියර්වරයෙකුව සිටි වත්මන් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂකවරයා සහ මෙරට බුද්ධි අංශ අනුග්‍රාහය සපයා ඇති බවට සිරිල් ගාමිණි පියතුමන් ප්‍රකාශයක් සිදුකළේ ඉකුත් නොවැම්බර් මස 23 වනදා පැවති සූම් තාක්ෂණික සම්මන්ත්‍රණයකදීයි.

පසුව එම ප්‍රකාශයට එරෙහිව රාජ්‍ය බුද්ධි සේවයේ වත්මන් අධ්‍යක්ෂ මේජර් ජනරාල් සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ගොනුකළා.

කෙසේ වෙතත් මුල් අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිම ප්‍රතික්ෂේප කළ සිරිල් ගාමිණි පියතුමන් තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකළ අතර එය සලකා බැලු ශ්‍රේෂ්ඨාධිකරණය නිශ්චිතව සඳහන් කරන වේලාවකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ප්‍රකාශයක් ලබාදෙන ලෙස නියෝග කළා.

ඒ අනුව ඉකුත් 15 වනදා සහ 16 වනදා සිරිල් ගාමිණි පියතුමන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 08 බැගින් පැය 16ක කාලයක් ප්‍රකාශ ලබාගත්තා.

කෙසේ වෙතත් 16 වනදා ප්‍රකාශ ලබාදීම අවසානයේ සිරිල් ගාමිණි පියතුමන් සඳහන් කළේ පාස්කු ප්‍රහාරයට චෝදනා ලැබුවන්, වින්ධිතයෙක් වන තමන් මෙන් රස්තියාදු නොවන පරිසරයක තමන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තෙවන දිනටත් කැඳවිමක් සිදුකළද තමන් එය ප්‍රතික්ෂේප කළ බවයි.

කෙසේ වෙතත් පොලිස් කැදවීමට අනුව සිරිල් ගාමිණි පියතුමන් අද පෙ.ව 9.30ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ සිටියා.

එම අවස්ථාවේ කොළඹ පදවියේ කතෝලික රදගුරුතුමන්ලා, පියතුමන්ලා සහ පැවිදි සොහොයුරියන්ද සිරිල් ගාමිණී පියතුමන් හට සහය දැක්වීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියට රැස්වුණා.

RECENT ARTICLES - SINHALA

බෝ අත්තක් කොළඹ ප්‍රධාන මාර්ගයකට වැටී අනතුරක්

කොළඹ සංඝරාජ මාවත අසළ පිහිටි විහාරයක බෝ ගසක අත්තක් කඩාවැටීමෙන් මීට සුළු මොහොතකට පෙර අනතුරක් සිදුව තිබෙනවා. ශ්‍රී සංඝරාජ බෝධිමළු විහාරයේ බෝ ගසේ අත්තක් මෙලෙස...

කරාපිටියට අති නවීන CT ස්කෑන් යන්ත්‍රයක්

කරාපිටිය ශික්ෂණ රෝහලේ අලුතින් ස්ථාපිත කරන ලද රුපියල් මිලියන 220ක වටිනාකමකින් යුතු CT ස්කෑන් යන්ත්‍රය ප්‍රතිකාර සේවාවන් සඳහා එක්කිරීම අද (24) සිදු කෙරුණා. ඒ සෞඛ්‍ය...

විවාදයට දින ගන්න සාකච්ඡාවකට එන්න – සජබ

සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුව හා ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව අතර විවාදයක් පැවැත්වීම සඳහා එකඟ වන්නේද යන්න සම්බන්ධයෙන් විමසමින් සමඟි ජන බලවේගයේ මෙහෙයුම්...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...