27.5 C
Colombo
Wednesday, October 4, 2023

පෞද්ගලික රෝහල්වල PCR මාර්ගෝපදේශ සංශෝධනය කෙරේ

- Advertisement -

කොවිඩ් 19 ආසාදිතයින් හඳුනාගැනීම සඳහා PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරන සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමත පෞද්ගලික රෝහල් සහ රසායනාගාර සඳහා එම අමාත්‍යාංශ විසින් නිකුත්කර තිබූ මාර්ගෝපදේශ සංශෝධනය කර තිබෙනවා.

එම රෝහල් සහ රසායනාගාරවල PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සම්බන්ධයෙන් පහත මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙසයි සෞඛ්‍ය අමාත්‍යාංශ නිවේදනය කර ඇත්තේ.

• මෙම පරික්ෂණය කළ යුත්තේ විශේෂඥ වෛද්‍ය නිලධාරී හෝ කාර්යභාර වෛද්‍ය නිලධාරීගේ නිර්දේශයට අනුව පමණි.

• සාම්පල ලබාගැනීමෙන් පසු අදාළ ආයතන විසින් වාර්තා නිකුත් කරන තෙක් රෝගීන්ට ආයතනය/නිවස තුළ හුදකලාවීමට උපදෙස් දියයුතු අතර ඒ බවට අදාළ රසායනාගාර හෝ රෝහල් බලධාරීන් විසින් තරයේ සුපරීක්ෂණය කිරීමට වගබලා ගත යුතුය.

• රෝගියෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග ඒකකය, අදාළ ප්‍රදේශවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා හා රෝගීයා දැනුවත් කිරීම රෝහල් / රසායනාගාර භාර නිලධාරීයාගේ වගකීමකි.

• ඉහත වගකිවයුතු නිලධාරීන්ගේ නිර්දේශ අනුව, ආසාදිත රෝගීන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අනුමත කළ කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානවල නේවාසික පහසුකම් ලබාදීමට අදාළ බලධාරීන් කටයුතු කළ යුතුය.

• PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා සාම්පල ලබා ගැනීම නිශ්චිත හා ආරක්ෂිත ස්ථානයක සිදුකළ යුතු අතර Walk in or drive through රෝගීන් සඳහා පරික්ෂණ කිරීමට අවසර නොමැත.

• අදාළ බලධාරීන් විසින් මෙම මාර්ගෝපදේශය පිළිනොපදින බව යම් හෙයකින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත වාර්තා වුවහොත් කොවිඩ් 19 PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීම සඳහා ලබා දී ඇති අවසරය අවලංගු කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් කටයුතු කරනු ඇත.

• විදේශ සංචාර අරමුණ මත සිදුකරන PCR පරික්ෂණ හා වැඩබිම් ආශ්‍රිතව දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශ කර ඇති කොවිඩ්-19 PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා මෙම මාර්ගෝපදේශ අදාළ නොවේ.

එබැවින් තවදුරටත් වැඩබිම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය, කොවිඩ්-19 ආවේක්ෂණ සහ රසායනාගාර පරික්ෂණ සඳහා දැනට නිකුත් කර ඇති “Screenig and laboratory testing for covid-19 for employees in workplaces” මාර්ගෝපදේශයට අනුකූලවද කටයුතු කළයුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශ දන්වා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

රේගුවේ දූෂණය ගැන IMF අප්‍රසාදයෙන්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා රේගුව පිළිබඳ දැඩි අප්‍රසාදය පළ කර තිබෙන බව  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසා තිබෙනවා. ඔහු තවදුරටත්...

ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දමා තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 343 කින්...

ETF, EPF ස්වාධීන මණ්ඩලයක් යටතට

සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල යන දෙකම එක් කර ස්වාධීන මණ්ඩලයක් යටතේ වැඩ කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

POPULAR ARTICLES

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

රන් මිල පහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (02) රන් මිල පහළ වැටීමක් සිදු වී තිබෙන බවට වාර්තා වනවා. ඒ අනුව අද රන් මිල ගණන් වන්නේ, රන් අවුන්සය - රු.597,449.00 කැරට්...