28.9 C
Colombo
Thursday, March 27, 2025

අනුර ආපු නිසා මම සහල් පාලන මිලට දෙනවා – ඩඩ්ලි

- Advertisement -

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා අද (28) සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසනවා.

එමෙන්ම තමා අනෙකුත් ව්‍යාපාරිකයන් සමග එක්ව අද සිට සියලුම පාරිභෝගික ජනතාවට පාලන මිලට සහල් ලබාදීමට එකඟත්වය ලබාගෙන තිබෙන බවද ඔහු සඳහන් කළා.

ඔහු මෙම අදහස් පල කළේ, පොළොන්නරුව ප්‍රදේශයේදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

අසාධාරණයට, අයුක්තියට, දූෂණයන්ට, එරෙහිව සටන් කළ පක්ෂයක් වර්තමානයේ බලයට පත්ව ඇති බවත්, අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ යහපත් වැඩපිළිවෙලට තමා සහයෝගය දක්වන බවත්, ලබන ජනවාරි දක්වා පාලන මිලට සහල් ලබාදීමෙන් පාරිභෝගික ජනතාවත්, ගොවියත් රැකගැනීමේ වැඩපිළිවෙළට තමා සහයෝගය දක්වන බවද ඔහු මෙහිදී කියා සිටියා.

ශ්‍රී ලංකාවේ දුප්පතුන් වැඩි පිරිසක් නාඩු සහල් පාරිභෝජනය කරන බවත්, වී සහ සහල් මිල සම්බන්ධව තමාට ඕනෑම අවස්ථාවකට ඕනෑම රජයට විරුද්ධව කතා කිරීමේ අයිතිය තිබෙන බවද සඳහන් කළා.

සම්බා, නාඩු, කිරි සම්බා, වගා කිරීමේ වාසි අවාසී, පිලිබද කතා කළ සිරිසේන මහතා ගොවින්ට කුඹුරෙහි විවිධ වී වර්ග වගා කිරීමට රජය වැඩපිළිවෙළක් සැකසිය යුතු බවද ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කළා.

ඔහු කියා සිටියේ, තමාට ශක්තිය තිබෙන අවසාන කාලයේ රජයට ඇතිවෙන්න හරි, නැතිවෙන්න හරි, උපරිම සහයෝගය ලබාදෙන බවත්, මේ ආර්ථිකය ගොඩනගන්න පාලන මිලට සහල් දීලවත්, ගොවියට සහන දීලවත් නොහැකි බවත්, රටේ ආර්ථිකය ගොඩනගන්න කිසිදු ආණ්ඩුවකට නොහැකි නිසා සියලු දෙනාගේ වගකීම වන්නේ රට ගොඩනැගීමට වත්මන් රජය සමඟ එක්වීම බවයි.

තමා ඉතිරි මැතිවරණය සඳහා ඉදිරිපත් වෙනවද නැත්ද යන්න මාධ්‍යවේදියෙකු ඇසූ දීපු ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන් ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කළේ, තමාට මීට පෙර මැතිවරණ සඳහා ඉදිරිපත් වීමට අවස්ථා තිබූ තිබුණද එවැනි අවස්ථාවල ඉදිරිපත් නොවු බවත් තමා ඉදිරිපත් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන්නේ නම්, පොළොන්නරුව දිස්ත්‍රික්කේ ඕනෑම අයෙකු තමා වෙනුවෙන් මනාපයක් ලබා දීමට ඉදිරිපත් වන බවයි.

මහ මැතිවරණය සඳහා තරග වැදීමට තමාට හීනයකින් නොමැති බවද ඔහු කියා සිටියා.

RECENT ARTICLES - SINHALA

ඩෙංගු අවදානම යළි ඉහළට

දිස්ත්‍රික්ක 8ක අද (27) සිට දින 3ක්, විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. මදුරු ඝනත්වය ඉහළ අගයක පවතින කොළඹ,...

ක්‍රිෂ් නඩුවෙන් දෙවන විනිසුරුවරයාත් ඉවත්වෙයි

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහි නඩුව විභාග කරන දෙවන විනිසුරුවරයාත් එම නඩු විභාගයෙන් අද (27) ඉවත් වුණා. මෙම නඩුව විභාග කළ...

ඡන්ද දායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි උපරිම මුදල

පළාත් පාළන ආයතන මැතිවරණයට අදාලව අපේක්ෂකයෙකුට ඡන්ද දායකයෙකු වෙනුවෙන් වැයකළ හැකි උපරිම මුදල මැතිවරණ කොමිෂන් සභාව මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. රුපියල් 74ත් රුපියල් 160ත්...

POPULAR ARTICLES