සහල් මිල යළිත් වතාවක් ඉහළ දැමීමට තීරණය කර ඇති බව පිටකොටුව සහල් තොග වෙළෙඳුන්ගේ සංගමය පවසනවා.
පසුගිය මාස කිහිපය තුළ දේශීය වෙළෙඳපොළේ ඇති වූ බරපතළ සහල් හිඟයත් සමඟ රජය සහල් සදහා යොදවා තිබූ පාලන මිල ඉවත් කළ පසු සහල් මෝල් හිමියන් සැප්තැම්බර් මාසයේ 28දා නව සහල් මිල ගණන් ප්රකාශයට පත් කළා.
කෙසේ වෙතත් පිටකොටුව සහල් තොග වෙළෙඳුන්ගේ සංගමය පවසන්නේ සහල් මෝල් හිමියන් ඊයේ (24) දෙවන වරටත් සහල් මිල ඉහළ දමා ඇති බවයි.
ඒ අනුව නාඩු කිලෝවක් රුපියල් 15 කින්ද, සම්බා කිලෝවක් රුපියල් 10 කින්ද , කීරි සම්බා කිලෝවක් රුපියල් 30කින් ද ඉහළ දමා ඇතැයි පිටකොටුව සහල් තොග වෙළෙඳුන්ගේ සංගමය පවසනවා .
සහල් මෝල් හිමියන් ප්රකාශයට පත්කර ඇති නව මිල ගණන් අනුව නාඩු සහල් කිලෝග්රෑම් 1 ක් රුපියල් 130ක්, සම්බා සහල් කිලෝවක් රුපියල් 150 ක් සහ කීරි සම්බා කිලෝවක් රුපියල් 195ක් වශයෙන් මිල සදහන් වනවා.
කෙසේ වෙතත් රුපියල් 110ක් වූ කැකුළු සහල්වල මිලෙහි වෙනසක් සිදුකර නැහැ.