24 C
Colombo
Sunday, October 1, 2023

නිලධාරීන්ගේ නොසැලකිල්ලෙන් ගිරිතලේ සමෘද්ධි සහල් සැකසුම් මධ්‍යස්ථානය විනාශ වෙලා

- Advertisement -

සමෘද්ධිලාභීන් නඟා සිටුවීමේ වැඩසටහන යටතේ ආරම්භ කරන ලද ගිරිතලේ සමෘද්ධි සහල් සැකසුම් මධ්‍යස්ථානය මේ වන විට විනාශ වෙමින් පවතින බව පොළොන්නරුව ප්‍රදේශවාසීන් පවසනවා.  

ප්‍රදේශවාසීන් පවසන්නේ රජය විසින් රුපියල් ලක්ෂ 70 කට අධික මුදලක් වියදම් කරමින් ඉදි කළ ගිරිතලේ විජයරාජ වැව ගම්මානයේ සහල් සැකසුම් මධ්‍යස්ථානය මෙලෙස විනාශ වෙමින් පවතින බවයි.

හිගුරක්ගොඩ ප්‍රදේශීය ලේකම්වරයා, එම ප්‍රදේශයේ සමෘද්ධි සංවර්ධන නිලධාරීයා හෝ ග්‍රාම නිලධාරිවරයා මෙම සහල් සැකසුම් මධ්‍යස්ථානය ආරක්ෂා කිරීම වෙනුවෙන් කටයුතු නොකරන බවද ඔවුන් පෙන්වා දෙනවා.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් ගිරිතලේ අංක 42 විජයරාජ වැව ග්‍රාම සේවා වසමේ සහ එම වසම් ආශ්‍රිත ගම්මාන වන යාය 14, තබලවැව, සරනසිරිගම, මාලකපුර සහ  යාය 3 යන ගම්මානවල සමෘද්ධි ලාභීන්ගේ ජීවනෝපාය දියුණු කිරීමේ අධිෂ්ඨානයෙන් මෙම සහල් සැකසුම් මධ්‍යස්ථාන ඉදිකර තිබුණා.

යහපාලන රජය විසින්ද මෙහි වැඩ කොටසක් සිදුකර ඇති අතර 2013 වසර වන විට මෙහි ඉදිකිරීම් අවසන් කර එවකට සමෘද්ධි අමත්‍ය එස්.බී. දිසානායකගේ ප්‍රධානත්වයෙන් මෙම මධ්‍යස්ථානය සමෘද්ධිලාභීන්ට පිරිනැමීම සිදුකර තිබෙනවා.

මෙම සහල් සැකසුම් මධ්‍යස්ථාන හරහා සමෘද්ධි ලාභීන් වෙත පියවර කිහිපයක් ඔස්සේ  ප්‍රතිලාභ ලබා දීම අපේක්ෂා කර තිබෙනවා.

පළමුව සමෘද්ධි බැංකුව හරහා සුළු පොලියක් මත ඔවුන්ට මුදල් ලබා දෙන අතර එම මුදලින් ඔවුන් වී මිලට ගත යුතු වෙනවා.

පසුව එම වී තොග තම නිවසට රැගෙන විත් ටැංකියක දමා තම්බා, කමතේ දමා වේලාගෙන  සමෘද්ධි සහල් කොටන මෙම වී මෝලට ගෙනවිත් ඒවා සහල් බවට පත්කර ගත යුතු වෙනවා.

අනතුරුව ඒවා මලුවල අසුරා ප්‍රදේශයේ වෙළඳසැල්වල හෝ තම නිවසේම තබාගෙන විකිණීම කළ යුතු වෙනවා.

ආර්ථික වශයෙන් දියුණු පවුලක් නිර්මාණය කිරීම මෙම වැඩසටහන මඟින් අරමුණු කරගෙන තිබෙනවා.

කෙසේවෙතත්, ගිරිතලේ ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම සහල් සැකසුම්  මධ්‍යස්ථානයේ ඇති වී කෙටීමේ යන්ත්‍ර, සහල් පිරිසිදු කිරිමේ යන්ත්‍ර, සහල් බර කිරිමේ තරාදිය සමඟ වටිනා උපකරණ රාශියක් මේ වන විට විනාශ වෙමින් ඇති බවයි.

තවද, විජයරාජ වැව ගම්මානයේ පමණක්  සමෘද්ධි නිවාස 30 කට ආසන්නව ඉදිකර ඇති වී තැම්බීමේ ටැංකි සහිත සිමෙන්තියෙන් තනන ලද වී වේලන කමත්ද කිසිදු සමෘද්ධි පවුලක් විසින් ප්‍රයෝජනයට නොගැනීම නිසා ඔවුන්ගේ නිවාස අශ්‍රිතව නිකරුණේ පවතින බවද වාර්තා වෙනවා.

ප්‍රදේශවාසීන් සඳහන් කළේ මෙම නිවෙස්වල ඇති  වී තැම්බීමට ගන්නා ස්ටීමර් භාජනද එලෙස විනාශ වෙමින් පවතින බවයි.

මේ හේතුවෙන්, සමෘද්ධි  ලාභීන්ගේ දියුණුව උදෙසා කඩිනමින්  මෙම සහල් සැකසුම් මධ්‍යස්ථානය යළි විවෘත කරන ලෙස ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා .

ඔවුන් තවදුරටත් සඳහන් කළේ දේශපාලකයන් මෙන්ම  රටේ රාජ්‍ය නිලධාරීන්ද මේ රට විනාශ වීමට වගකිව යුතු බවයි.

(රසංග නිරෝෂන්- පොලොන්නරුව)

RECENT ARTICLES - SINHALA

දිස්ත්‍රික්ක 8කට නායයෑමේ අනතුරු ඇඟවීම්

දිවයිනේ දිස්ත්‍රික්ක 8ක ප්‍රදේශ කිහිපයකට මේ වන විට පනවා ඇති නායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කර තිබෙනවා. මේ අනුව ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර, කෑගල්ල, කළුතර, මාතලේ...

අලි සබ්රි නිසා ලාංකිකයින්ට කැනඩාවේ වීසා අහිමි වන ලකුණු ?

විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් කැනඩාවට එරෙහිව සිදු කරන ලද ප්‍රකාශය හේතුවෙන් මෙරට දරුවන්ට කැනඩාවේ අධ්‍යාපනය ලැබීමටය සහ රැකියා කිරිමට ඇති අවස්තාව අහිමි...

ගංගා ආශ්‍රිත පහළ ප්‍රදේශවල ජනතාවට දැනුම් දීමක්

දිවයිනට ඇදහැලෙන අධික වැසි තත්ත්වය හේතුවෙන් තවදුරටත් ගංගාවල පහළ ප්‍රදේශවලදී සුළු වශයෙන් ගංවතුර තත්ත්වයන් ඇතිවීමේ හැකියාවක් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා...

POPULAR ARTICLES

ඉන්දියාව තුළ ආන්දෝලනයක් වූ විවාහය

උතුරු පන්ජාබ් ප්‍රාන්තයේ සමලිංගික යුවලකගේ විවාහ මංගලය්‍යක් හේතුවෙන් ඉන්දියාව තුළ විශාල ආන්දෝලනයක් හට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ, සමලිංගික විවාහ නීතිගත කිරීම පිළිබඳ ඉන්දීය ශේෂ්ඨාධිකරණය...

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට නියෝගයක්

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පුරප්පාඩු 4,718 ක් පිරවීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය ගත් පියවර වහා ක්‍රියාත්මක කරන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණය අද(27) නියෝග කර තිබෙනවා ඒ අදාළ බඳවා ගැනිම්වලට...

චීනය නිසා එකතු වූ මහින්ද,මෛත්‍රී,ගෝඨා

මහජන චීන සමූහාණ්ඩුවේ 74 වන ජාතික දින උත්සවය ඊයේ (28) කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේදී පැවැත්වුණා. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු...