25.6 C
Colombo
Saturday, July 19, 2025

කීරි සම්බාවලට ආදේශක සහල් ඉන්දියාවෙන්

- Advertisement -

සහල් හිඟයක් මවමින් වෙළෙඳපොළ තුළ මාෆියාවක් ඇති කිරීම වළක්වාලීම සඳහා ආණ්ඩුවට තීරණ ගැනීමට සිදුවන බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.

කීරි සම්බාවලට ආදේශකයක් ලෙස සහල් මෙට්‍රික්ටොන් 40,000ක් ඉන්දියාවෙන් ආනයනය කිරීම ද ඉන් එක් තීරණයක් බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් වසන්ත සමරසිංහ අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

“යල කන්නයේ අපේක්ෂා කරන ප්‍රමාණයට අක්කර හෙක්ටයාර් ලක්ෂ 05කට වැඩි ප්‍රමාණයක් වගාකරලා තිබෙනවා. ඒ නිසා අපි හිතනවා මේ තත්ත්වයන් යටතේ සහල් වෙළෙඳපොළේ හිඟයක් ඇතිවිය හැකි තත්ත්වයක් නිර්මාණය වෙන්නේ නැහැ. නමුත් කාලගුණික තත්ත්වයන් අස්වැන්නේ අඩුවීම් වැනි තත්ත්වයන් එක්ක යම් හෙයකික් අස්වැන්න අඩු වුණොත් එහෙම අපිට සහල් ගෙන්න වෙනවා. පසුගිය දවස්වල ගබඩාවල තිබෙන සහල් ප්‍රමාණය කොච්චරද කියලා බැලුවොත් කීරි සම්බා මෙට්‍රික්ටොන් 85,000ක් තිබෙනවා ගබඩා 670ක. එකේන් පොළොන්නරුවේ වී මෝල්වල විතකරක් තිබෙනවා මෙට්‍රික්ටොන් 75,000ක්. කීරි සම්බා මෙට්‍රික්ටොන් 75,000ක් තියාගෙන සහල්වල මිල රුපියල් 300ට දෙන්න මේ අය සැලසුම් කරන්නේ. කිලෝ 05යේ මල්ලේ ගහනවා 1,300යි  කියලා එකේ එළියේ විකුණනවා 1,500ට  සහල් වෙළෙඳපොළ තවදුරටත් හිඟයන් මවමින් මාෆියාවන් මවන්න හදනවානම් ඒක නවත්ත ආණ්ඩුවට තීරණ ගන්න වෙනවා. ඒ නිසා තමයි කීරි සම්බාවලට ආදේශය GR11 මෙට්‍රික්ටොන් 40,000ක් ගෙනල්ලා වෙළෙඳපොළට නිදහස් කරන්න හදන්නේ.”

RECENT ARTICLES - SINHALA

අද වැසි තත්ත්වය ගැන දැනුම් දීමක්

අද (19) බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බවත්,  සබරගමුව පළාතේත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්...

සබරගමුව නවකවද සිද්ධිය: උපකුලපති වෙනුවෙන් නීතිපති නැහැ

සබරගමුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු තාක්ෂණ පීඨයේ සිසුවකු නවක වදයට ලක්වීම හේතුවෙන් සියදිවි නසා ගැනීමේ සිද්ධියට අදාළව විමර්ශනයක් කර සිද්ධියට සම්බන්ධ සිසුන්ට එරෙහිව සුදුසු පියවර...

කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) අද (18) දිනයේදී ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද ඒකක 96.85 කින් ඉහළ ගොස් ඇති අතර,...

POPULAR ARTICLES