29 C
Colombo
Saturday, January 18, 2025

රිළා ප්‍රශ්නය ස්ථීරවම විසඳනවා – ලාල්කාන්ත

- Advertisement -

මෙරට රිළා ගහනය පාලනය කිරීම සඳහා විවිධ ව්‍යාපෘති ආරම්භ කර ඇතැයි කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා පවසනවා.

අද (13) කොළඹ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ රජයක් ලෙස මේ මොහොතේ රිළවුන් ඇතුළු වනසතුන් ගොවි බිම්වලින් ඉවත් කිරීමේ දැඩි අධිෂ්ඨානයකින් පසුවන බවයි.

“අපි අධිෂ්ඨානයක ඉන්නවා රිළවුන් ඇතුළු වනසතුන් ගොවි බිම්වලින් ඉවත් කරන්න. ඒක ස්ථිරව කරනවා ඒක නොකර කෘෂි කර්මාන්තයක් ගැන කතා කරන්න බැහැ. කෘෂිකර්මාන්තය විතරක් නෙමෙයි ජන ජීවිතයේ අනෙකුත් පැතිකඩත් බිඳ වැටිලා තියෙන්නේ. විශේෂයෙන්ම රිළවුන්ගේ ප්‍රශ්නේ විසඳනවාමයි… කවුරුත් සැකයක් තියාගන්න එපා මොන අභියෝගය ආවත් ඒක විසඳනවා. රට යැවීම ගැනත් සලකා බලනවා. අපේ රටේ දූපත් තියෙනවා ඒ දූපත්වලට යැවීම සම්බන්ධයෙනුත් ප්‍රොජෙක්ට් ප්‍රපෝසල් එකක් සකස් කරමින් තියෙනවා ඒක සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ වන ආකාරයට. ඒ නිසා සංචාරක කර්මාන්තයත්, ගොවිජන ජීවිතයත්, පොදුජන ජීවිතයත් සලකලා බලලා මේකට අපි උත්තරයක් හොයන්න අනිවාර්යයෙන්ම කටයුතු කරනවා.”

මේ අතර විපක්ෂය විසින් ආණ්ඩු පක්ෂයේ අමාත්‍යවරු සහ මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් සොයා බැලීම සඳහා තේරීම් කාරක සභාවක් පත්කරන්නැයි ඉල්ලීමට සූදානම් වීම සම්බන්ධව ද අමාත්‍යවරයා අදහස් පළකරමින් පවසා සිටියේ,

“ඒක හොඳයි ඉතිං හොයපුදෙන්.. ඒක අවශ්‍ය දෙයක් නම්, සමාජයට ඕන දෙයක් නම්, ඒක නම් ප්‍රශ්නේ, ඒකෙන් නම් උත්තරේ එන්නේ හෙව්වාට කිසි ප්‍රශ්නයක් නෑ…. මගේ එක හොයන්න කියන්නකෝ ඔක්කොටම කළින් පුළුවන් නම්. ලාල් කාන්ත… එච්චරයි… වෙන මුකුත් නෑ…”

RECENT ARTICLES - SINHALA

ජානක පෙරේරාගේ ඝාතනය ගැන අලුත් තොරතුරක්

මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඇතුළු 31 දෙනකු ඝාතනය කරමින් 2008 ඔක්තෝබර් 06දා අනුරාධපුරයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරු හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල...

චීන මුදල් හුවමාරු ගිවිසුම දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා මහ බැංකුව සහ චීන මහජන බැංකුව අතර 2021 වසරේ දී අත්සන් කිරීමට යෙදුණු ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුම තවත් වසර 3ක කාලයක් සඳහා...

ඊ – ටිකට් ජාවාරමට දුම්රිය සේවකයෙක්ගේ වැඩ තහනම්

දුම්රිය ඊ ප්‍රවේශපත්‍ර ජාවාරමට සම්බන්ධ යයි චෝදනා එල්ල වී සිටින මාකුඹුර දුම්රිය ස්ථානයේ සේවයේ නිරතව සිටි දුම්රිය සේවකයෙකුගේ සේවය අත්හිටුවීමට පියවර ගත් බව දුම්රිය...

POPULAR ARTICLES