31 C
Colombo
Friday, April 19, 2024

බඩු මිල ඉහළ යාම තාවකාලිකයි – නාමල්

- Advertisement -

භාණ්ඩ මිල ඉහළයාම තාවකාලික බව තරුණ හා ක‍්‍රීඩා අමාත්‍ය, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍යතුමා සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

අඩු කළ හැකි පළමු අවස්ථාවේදීම මිළ ගණන් අඩු කිරීමට ආණ්ඩුවක් ලෙස මැදිහත්වන බවයි ඔහු පවසන්නේ.

ඒ, ඊයේ (14) දින බෙලිඅත්ත කාර්මික විද්‍යාලයට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන්ගේ ගැටළු වලට පිළිතුරු දෙමින්.

කොවිඩ් 19 ගෝලීය වසංගතයක් බවත් එය බලපානු ලබන්ම්මේ මෙරටට පමණක් නොවන බවත් ඔහු අවධාරණය කර සිටිනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“අපි දැක්කා බටහිර අධිරාජ්‍යවාදීන් කියලා ලෝකේ පාලනය කරපු අය අද ගෑස් නැතුව හමුදාව දාලා ගෑස් බෙදනවා. ලෝකයේ හැම රටකම මේ අර්බුදය තිබෙනවා. ගෝලීය වසංගතයත් එක්ක අපිටත් යම්කිසි බලපෑමක්වෙලා තියෙනවා. ඒ වසංගතයට අපි මුහුණ දෙන්න ඕනෑ.

එක පැත්තකින් ව්‍යාප්තිය පාලනය කරලා රට ඇරලා රට සමාන්‍ය තත්ත්වයකට ගේන්න ඕනෑ. රැකියා විශාල ප්‍රමාණයක් අහිමිවෙලා තිබෙනවා. මේ රැකියා දරුවන්ට දෙන්න නම් නැවත වතාවක් රට සක්‍රිය වෙන්න ඕනෑ. නිශ්පාදන ආර්ථිකයක් කරා රට ගමන් කරන්න ඕනෑ. ගෝලීයව තිබෙන අභියෝගත් එක්ක යම් යම් භාණ්ඩවල මිළ වැඩිවීමක් වී තිබෙනවා. හැබැයි මේ සියල්ලම තාවකාලිකයි. අඩු කරන්න පුළුවන් පළමු අවස්ථාවේදීම මිළ ගණන් අඩු කරන්න අපි ආණ්ඩුවක් විදියට මැදිහත් වෙනවා.

කෘෂිකර්ම අමාත්‍යංශයෙන් කාබනික පොහොර අදාල ප්‍රදේශවලට දැනටමත් යවා තිබෙනවා. අභියෝග ජයගන්නවා වගේම අපි ගොවියාට අසාධාරණයක් වෙන්න ඉඩ තියන්නේ නැහැ. යම් හෙයකින් අස්වැන්න අඩු වුවහොත් එයට වන්දි ගෙවන්න කෘෂිකර්ම අමාත්‍යතුමාට ජනාධිපතිතුමා උපදෙස් දී තිබෙනවා. අපි ආණ්ඩුවක් විදියට ගොවි ජනතාව එක්ක හිටගන්නවා”

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය සීතා අරඹෙපොළ මහත්මියද මෙම අවස්ථාවට සහභාගී විය.

May be an image of 6 people and people standing

RECENT ARTICLES - SINHALA

අපේක්ෂකයා නැතත් පොහොට්ටුව තියනවා-නාමල් (වීඩියෝ)

ඉදිරි ජනාධිපතවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ අපේක්ෂකයා...

අයිස් සමග නාවික හමුදා ලොක්කෝ දෙදෙනෙකුත් මාට්ටු

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරුන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 510ක් සන්තකයේ...

ඉස්සන් කර්මාන්තය දැඩි අර්බුදයක

ඉස්සන් කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා ගැටලු රැසක් පැනනැගී ඇති බව ඉස්සෝ වගාකරුවන් පවසනවා. ඔවුන් සඳහන් කරන්නේ මෙම අසීරු තත්ත්වය මත තම කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...