27 C
Colombo
Saturday, June 10, 2023

රිෂාඩ් බදියුදීන්ගේ නිවසේදී මියගිය සේවිකාවන් ගණන 3 දක්වා ඉහළට

- Advertisement -

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රිවරයාගේ රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවය කළ සේවිකාවන් තිදෙනෙක් මියගොස් ඇති බව හෙළිව තිබෙනවා.

2010 වසරේ සිට ඔහුගේ නිවසේ සේවය කළ කාන්තාවන් 11දෙනා අතරින් තිදෙනෙකුම මේවන විට ජීවිතක්ෂයට පත්ව ඇති බවයි සිදු කෙරුණු විමර්ශණවලදී අනාවරණ වී ඇත්තේ.

මේ අතර, තමන්ද බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ සේවය කළ සමයේ ලිංගික අතවරයන්ට ලක්වු බව ඔහුගේ නිවසේ සේවය කළ තවත් කාන්තාවක් ඊයේ (01) ප්‍රකාශ තිබුණා.

2010 වසරේ සිට රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ සේවය කළ කාන්තාවක් 10 දෙනෙකු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ මේ වන විටත් ක්‍රියාත්මක වන අතර, මන්ත්‍රිවරයාගේ නිවසේදි මිය ගිය 16 හැවිරිදි ඉෂාලිනි දැරිය සම්බන්ධයෙන් ඔහුගේ පක්ෂය වන සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක ඒ.ජේ.මොහමඩ් ෆායිස් ඊයේ නිවේදනයක් නිකුත් කළා.

එහි සඳහන් වුයේ ඉෂාලිනිට ලබා දි තිබු කාමරය අඩි 6 යි 4 ප්‍රමාණයේ කාමරයක් ලෙස දැක්වුවද එහි සැබෑ ප්‍රමාණය දිගින් අඩි 7 යි අඟල් 4ක් වන අතර පළල අඩි 6යි අඟල් 3ක් බවයි.

එම කාමරයට ක්‍රියාකරන විදුලි පංකාවක් සහ විදුලිඑළිය ද ලබා දි ඇති අතර ඇයට පුද්ගලික භාවිතය සඳහා අංග සම්පුර්ණ නානකාමරයක් ද ලබා දී තිබු බවද එම නිවේදනයේ දැක්වුණා.

එම දැරිය මාස 7 හමාරක පමණ සුළු කාලයක් මන්ත්‍රීවරයාගේ නිවසේ ගත කළ කාල සීමාවේදී එම ලිංගික අපයෝජනය සිදුවුවා යැයි සාක්ෂි ඉදිරිපත් වී නොමැති බව ද ඒ.ජේ.මොහමඩ් ෆායිස් සිය නිවේදනය මඟින් පෙන්වා දී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ජංගම දුරකථන සහ උපාංග වල මිල 20% කින් අඩු වන ලකුණු?

ජංගම දුරකථන සහ උපාංග වල මිල සියයට 20 කින් පමණ අඩු කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන සහ...

කිරින්ද වෙරළේදී තරුණියන් දෙදෙනෙකු රළ පහරට හසුවෙයි

කිරින්ද විහාරය ආසන්නයේදී මුහුදු රළ පහරට හසුවීමෙන් තරුණියක් අතුරුදහන්ව තවත් තරුණියක් මියගොස් තිබෙනවා. අද (09) උදෑසන කාලයේදී තරුණියන් තිදෙනෙකු...

විදේශගත ශ්‍රමිකයින්ගෙන් ඩොලර් මිලියන 480 ක්

මැයි මාසයේදී විදේශගත ශ්‍රමිකයන් මෙරටට ඩොලර් මිලියන 480 කට වැඩි මුදල් ප්‍රමාණයක් එවා ඇති බව කම්කරු හා විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Consideration of ‘Casino Bill’ postponed until regulatory authority established

0
Consideration of Betting and Gaming Taxes (Amendment) Bill postponed until timeline for establishing regulatory authority is worked out, the Committee on Public...

Ajith Prasanna sentenced another six months RI

0
Major (Retired) Ajith Prasanna has been sentenced to six months of rigorous imprisonment by the Court of Appeal. This...

Danushka Gunathilaka to stand trial accused of raping woman in Sydney

0
Cricketer Danushka Gunathilaka will stand trial accused of raping a woman while in Sydney for the T20 World Cup.