33 C
Colombo
Thursday, April 18, 2024

තමන්ගේ වියදමින් නැවත කැළේ වවන්නැයි රිෂාඩ්ට උසාවියෙන් නියෝග

- Advertisement -

දැනට රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව තිබූ විල්පත්තු අභය භූමිය ආසන්නයේ පිහිටා ඇති කල්ලාරු රක්ෂිතය එළිපෙහෙළි කර ජනාවාස ඇතිකිරීමේ නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත්කළා.

ඒ නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ජනක් ද සිල්වා යන අභියාචනාධිකරණ විනිසුරුවන් ඉදිරියේ නඩුව විභාගයට ගත් අවස්ථාවේදීයි.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ මෙහෙයවීමෙන් උතුරේ අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීම සඳහා කල්ලාරු ප්‍රදේශයේ අක්කර සිය ගණනක් එළිපෙහෙළි කරමින් ජනාවාස ඉදිකිරීම නීතිවිරෝධී බවයි අභියාචනාධිකරණය තීන්දු කළේ.
එලෙස එළිකළ ප්‍රදේශයේ නැවත වන වගාවක් සිදුකල යුතු බවටත් එය රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ පෞද්ගලික වියදමින් සිදුකලයුතු බවටත් තීන්දුවේ සදහන්.

මෙහිදී වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපයද විනිසුරුවන්ගේ දෝෂදර්ෂණයට ලක්වුණා.
එමෙන්ම පෙත්සම්කාර පරිසර යුක්ති කේන්ද්‍රයට නැවත නඩුගාස්තු ගෙවන ලෙසට බදියුදීන් මන්ත්‍රීවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට උසාවිය නියෝග කළා.

RECENT ARTICLES - SINHALA

පාස්කු ප්‍රහාරයෙන් ජීවිත අහිමි වුවන් සිහි කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක්

පාස්තු දින ත්‍රස්ත ප්‍රහාරයට වසර පහක් සම්පූර්ණ වන අවස්ථාවේදී එම විනාශකාරී ප්‍රහාරයෙන් මියගිය සියලු දෙනාට පිං අනුමෝදන් කිරීමට ලබන ඉරිදා (21) පෙරවරු 8.45 ට...

පරිසරයට හානි කරනවානම් මේ අංකයට කියන්න

පාරිසරික වැරදි සම්බන්ධව යම් තොරතුරක් වෙතොත් 1997 හෝ 1981 යන කෙටි දුරකථන අංක ඔස්සේ දැනුවත් කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. පරිසරය විනාශ කිරීම් සම්බන්ධව...

අවුරුදු ගීතය නිසා සුරාබදු නියාමකගේ වැඩ තහනම්

ගායන ශිල්පී රෝහණ බැද්දගේ මහතාගේ අවුරුදු ගීතයක් විකෘති කළ බවට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකළ සුරාබදු නියාමකවරයාගේ වැඩ තහනම් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව ඊයේ (17)...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්

උත්සව සමයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පූර්ණ කැපවීම හා දායකත්වය යටතේ රෝගී සත්කාරක සේවා කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පියවර ගෙන ඇති බව සෞඛ්‍ය...