32 C
Colombo
Saturday, April 20, 2024

රුපියල යළි අවප්‍රමාණය වීමේ අවදානමක්

- Advertisement -

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව කැපී පෙනෙන ලෙස ශක්තිමත් වෙමින් පවතින රුපියල, වසර අවසානයේදී නැවතත් දුර්වල විය හැකි බවට අනාවැකි පළවී තිබෙනවා.

එහිදී රුපියෙල් අගය 23% කින් පමණ පහත වැටෙනු ඇති බව ෆිච් සොලූෂන්ස් (Fitch Solutions) ආයතනය උපුටා දක්වමින් බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වාර්තා කරනවා.

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය මුදල සඳහා එහි අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය හිමිවුවද, මූල්‍ය වැඩසටහනට අනුගතව කටයුතු කිරීම දුෂ්කර අභියෝගයක් වනු ඇති බව ෆිච් මූල්‍ය විසදුම් අංශයේ අවදානම් විශ්ලේෂක සේවෑන්ග් ටින් පෙන්වා දෙනවා.

විදේශ ණය ගෙවීම සඳහා සංචිතය ඉහළ නැංවීමට සිදුවීම, දුර්වල ආර්ථිකය සහ ඉදිරි මැතිවරණ ඊට බාධාවක් ඇති කළ හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඒ අනුව වසර අවසානය වනවිට අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රුපියල් 390 දක්වා වාර්තාගත ලෙස දුර්වල විය හැකි බව ෆිච් විශ්ලේෂකයා පවසනවා.

RECENT ARTICLES - SINHALA

ලොරි රථයකට යටවී කාන්තාවක් මරුට

නිට්ටඹුව, වතුපිටිවල ප්‍රදේශයේ‍දී යතුරුපැදියක ගමන් කළ කාන්තාවකගේ අත්බෑගයක් ලොරි රථයක බඳේ පැටලීමෙන් සිදුවු අනතුරකින් එම කාන්තාව මියගොස් තිබෙනවා. පොලීසිය පැවසුවේ, අත්බෑගය ලොරි රථයේ බඳෙහි...

විදුලිය හා ඉන්ධන අත්‍යවශ්‍ය සේවා කරමින් ගැසට් නිවේදනයක්

විදුලිය සැපයීමට හෝ ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන බෙදා හැරීමට සම්බන්ධ සියලුම සේවාවන් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර...

ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් ගැන නිවේදනයක්

ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගෙන් 70% ක් පමණ නිවෙස්වල ආරක්ෂිතව සේවය කරන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසනවා. ඊශ්‍රායලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින්ගෙන්...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

ඊශ්‍රායලයෙන් ඉවත් වෙන්නැයි ඕස්ට්‍රේලියානුවන්ට නිවේදනයක්

ඉරානය වෙත ඊශ්‍රායලය ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊශ්‍රායලයේ වෙසෙන සිය වැසියන්ට එරටින් ඉවත් වෙන ලෙස ඕස්ට්‍රේලියාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඊශ්‍රාලයෙන් ඉවත් වීම...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...