පවතින අධික වැසි සහිත කාලගුණය හමුවේ බෝවන රෝග ව්‍යාපත්වීමේ අවදානමක් ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ජී.විජේසුරිය මහතා සඳහන් කළේ, වෛරස් උණ රෝගයක් ද මේ දිනවල ව්‍යාප්ත වෙමින් ඇති බවයි.
ආහාර පාන මිලදී ගැනීමේදී හා භාවිතයේදී සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් අනුගමනය කරන්නැයි ද ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා