27 C
Colombo
Friday, April 19, 2024

ලකුණක් අඩුවූවා යැයි රිතිකා පොගාට් සියදිවි නසාගනියි

- Advertisement -

රිතිකා පොගාට් සියදිවි නසාගත්බවට වන ආරංචිය ඉන්දියානු මල්ලවපොර රසිකයන් දැඩි කම්පනයකට පත්කරවීමට සමත් විය.

සුප්‍රසිද්ධ මළල ක්‍රීඩිකා යුවලක් වන ගීතා පොගාට් හා බබීතා පොගාට්ගේ ඥාති සොහොයුරියක් වන රිතිකා පොගාට් ඊයේ (17) සිවිලිම් විදුලි පංකාවක එල්ලී සියදිවි නසාගෙන ඇත.

Dangal චිත්‍රපටයටද පාදක වූ සුප්‍රසිද්ධ පොගාට් පවුලේ ඥාති සොහොයුරිකය් වූ රිතිකා රාජ්‍ය මට්ටමේ කණිෂ්ඨ කාන්තා හා පිරිමි මල්ලවපොර තරඟාවලියට ක්‍රීඩා කරමින් සිටියාය.

මාර්තු 14 වන දින පැවති තරඟයෙන් රිතිකා ලකුණු 1 කින් පරාජයට පත් වූ අතර ඉන් දින 3 කට පසුව ඇය සියදිවි නසාගෙන ඇත.

රිතිකා පුහුණුව ලබා ඇත්තේ ද්‍රෝණචාර්යා සම්මානලාභී මහාවීර් සිං ෆෝගට් යටතේ වන අතර ඔහු තරගාවලියට පැමිණ සිටි බවද වාර්තා වෙයි.

රාජස්ථානයේ ජුන්ජුනු හි ජයිට්පූර් ගම්මානයේ පදිංචි රිතිකා, හර්යානාහි මහාවීර් ෆෝගට් ක්‍රීඩා ඇකඩමියේ වසර පහකට වැඩි කාලයක් මල්ලවපොර ඉගෙන ගනිමින් හා පුහුණුවීම්වල යෙදී සිටියාය.

RECENT ARTICLES - SINHALA

දුම්රිය ගමන්වාර 4 ක් අවලංගුයි

දුම්රිය බලවේග කට්ටල නොමැති වීම හේතුවෙන් දුම්රිය ගමන් වාර 4 ක් අවලංගු කිරීමට දුම්රිය පාලනාධිකාරිය විසින් පියවර ගෙන තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ප්‍රධාන මාර්ගයේ...

නිර්වින්දන හා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය තවදුරටත්

නිර්වින්දන හා ළමා රෝග විශේෂඥවරුන්ගේ හිඟය තවදුරටත් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. බොහෝ පිරිසක් රට ඇත්හැර ගොස් ඇති බවත් තවත් පිරිසක් විදේශ පුහුණුවීම් සදහා ගොස්...

පාලිත තෙවරප්පෙරුමගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (19) සිදුකිරීමට නියමිතව තිබෙනවා. අද පස්වරු 2ට මතුගම යටදොලවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...