26 C
Colombo
Friday, December 8, 2023

සිනොපෙක් එකටත් වඩා අඩුවෙන් තෙල් දෙන RM පාර්ක්ස්

- Advertisement -

එක්සත් ජනපදයේ RM Parks සමාගම ලබන මස සිට ශ්‍රී ලංකාවේ ඉන්ධන බෙදාහැරීම ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

RM Parks සමාගම යනු ලෝ ප්‍රකට Shell PLC සමූහය යටතේ ක්‍රියාත්මක වන සමාගමක් වන අතර එය ශ්‍රී ලංකාවේ ඉන්ධන බෙදා හරිනු ලබන සිව්වන සමාගම බවට පත්වන අතර මෙම සමාගම තෙල් සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් 150ක් තුලින් ඉන්ධන බෙදා හැරීම ආරම්භ කිරීමට නියමිතයි.

පසුව ඔවුන් විසින් ඉන්ධන හල් 50ක් විවෘත කිරීමට නියමිත බව සඳහන්.

ඒ අනුව RM Parks සමාගම සෑම දිස්ත්‍රික්කයකම අවම වශයෙන් එක් ඉන්ධන පිරවුම්හලක් සහ නාගරික ප්‍රදේශයන්හී බහුවිධ බෙදාහැරීමේ ස්ථාන ඉදිකරනු ලබන අතර RM Parks සමාගම සිය ඉන්ධන වට්ටම් මිලකට පාරිභෝගිකයාට අලෙවි කිරීමට අපේක්ෂිතයි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමඟ RM Parks සමාගම ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය කිරීම, බෙදා හැරීම සහ විකිණීම සඳහා පසුගිය ජුනි මාසයේදී වසර 20ක ගිවිසුමක් අත්සන් කළා.

RECENT ARTICLES - SINHALA

වැටුප් වැඩි කරන්න ඔින වැඩ කරන ජනතාවගේ-මහින්ද රාජපක්ෂ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ වැටුප් වැඩි කිරීමෙන් අනතුරුව බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා...

හැටන්-කොළඹ මාර්ගයට පස් කන්දක් කඩාවැටී ගමනා ගමනයට බාධා

දියගල ප්‍රදේශයෙන් පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනය මේ වනවිට සම්පූර්ණයෙන් අවහිර වී තිබෙනවා. හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලීසිය ජනතාවගෙන්...

ජාතික රෝහලේ රුධිර පරික්ෂණ ඇන සිටීමෙන් රෝගින් දැඩි අපහසුතාවයට

කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ රුධිර පරීක්‍ෂ දින තුනක් තිස්සේ නතර වී තිබීමෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව සෞඛ්‍ය වෘත්තිය සමිති පවසනවා. වෘත්තිය...

POPULAR ARTICLES

කටුනායක ගුවන් තොටුපොළට ජපාන රජයෙන් වාහන තොගයක්

ජපාන රජය විසින් කටුනායක ගුවන් තොටුපොළ වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 කට අධික වටිනාකමකින් යුතු වාහන තොගයක් අද (05) දින උදෑසන ජල හා මුදවා ගැනීම්...

ලංකා විදුලිබල මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක් 

විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 50කට රතු බිල් යැවීම සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ, විදුලිය පාරිභෝජනය...

දික්කසාදය ගැන විශේෂ අධිකරණ තීන්දුවක්

ශ්‍රී ලංකාවේ දී විවාහ වූ යුවළක් විදෙස් රටක අධිකරණයකින් දික්කසාද වූ විට මෙරටදී එම දික්කසාදය වලංගු බවට අභියාචනාධිකරණය තීන්දු කර තිබෙනවා. ඒ අනුව විදේශයක දී...