25 C
Colombo
Saturday, May 24, 2025

උතුරේ පාරවල් හදලා තිබුණට පාසල් දියුණු කරලා නැහැ – හරිනි

- Advertisement -

උතුරු පළාත තුළ ඇති මාර්ග නවීකරණය කර තිබූ නමුත් උතුරු පළාත තුළ තිබෙන පාසැල් තවමත් දියුණු කර නොමැති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.

ඇය මෙම අදහස් පල කළේ, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පූනරින්හි ‘ජොලිබෝයිස්’ ක්‍රීඩාංගනයේ පැවති ජන හමුවකට එක්වෙමින්.

එහිදී ඇය වැඩිදුරටත් සඳහන් කළේ,

“මම දන්නවා මේ ප්‍රදේශය යුද්ධය නිසා හොඳටම බැට කාපු ප්‍රදේශයක්. දැන් යුද්ධය ඉවර වෙලා වුරුදු 16යි. පොල් ගස් තල් ගස් ආපහු වැවිලා. හැබැයි ඊට එහා මොනවද මෙහෙ වෙනස් වෙලා තියෙන්නේ? තාම මෙහෙ ජීවත් වෙන මිනිස්සුන්ගේ ජීවිත කොච්චර දුරට වෙනස් වෙලාද? කොච්චර දුරට දියුණු වෙලාද? යුධය ඉවර වෙලා වුරුදු 16ක් ගියත්. එතකොට මෙහෙ ආබාධිත අය කී දෙනෙක් ඉන්නවද? කිලිනොච්චි දිස්ත්‍රික්කය කියන්නේ වෙන පැතිවල වගේ නෙවෙයි යුද්ධය අවසනයේ හෝ විටින් විට විතරක් නෙවෙයි. මුලු යුද්ධ කාලයේම හොඳටම බැට කාපු ප්‍රදේශයක්. මට් ආපු තොරතුරු අනුව අද ඉන්න තරුණ් අපරපුරේ දෙමව්පියන් බොහෝ දෙනෙක් ආබාධිතයි. එහෙනම් එවැනි යුද්ධයෙන් බැට කාපු ප්‍රදේශවලට අපිට විශේෂ අවඪාහනයක් අවශ්‍යයි රටේ අනිත් ප්‍රදේශ වගේ සම තැනට ගන්න නම්.

ඒ නයින් පාර හැදිලා තියෙනවා. ඉස්කෝලෙ තාම දියුණු කරල නෑ. මම හිතන්නේ මෙහේ තියෙනවා මධ්‍ය මහා විද්‍යාලයක් central college. ඒකෙ ඒ ලෙවල් දක්වා තියෙනවා. කිලිනෝච්චිවල හැමෝම දරුවන් ඒකට දා ගන්න හදන්නේ ඒ ඉස්කෝලෙ තියෙන විශේෂයෙන් හේතුවක් නිසා නෙවෙයි. ඒ ඉස්කෝලේ යාපනයට කිට්ටුයි. එතකොට ටියුෂන් යවන්න පුලුවන් යාපනේට.

කිලිනොච්චි වල ඉගෙන ගන්න තාම අවස්ථාවක් අපි හදලා දීලා නෑ. එතකොට මේ අපි සියල්ලම කියන්නේ මූලික. එතකොට මේ අපි සියල්ලම කියන්නේ මූලික දේවල්. අධ්‍යාපනය සෞඛ්‍ය. එතකොට මේ අපි සියල්ලම කියන්නේ මූලික දේවල් අධ්‍යාපනය, සෞඛ්‍ය, ජීවනෝපාය මාර්ග නේද පාරවල්, ඉස්පිරිතාල එතකොට මේ අපි සියල්ලම කියන්නේ මූලික අයිතිවාසිකම්. නමුත් මේවා තාම කෙරිලද මේවා වෙනස් වෙන්න ඕනේ. මේවා වෙනස් කරන්න නම් අපිට ප්‍රාදේශීය මට්ටමේ හොඳ නායකත්වයක් අවශ්‍යයි.

RECENT ARTICLES - SINHALA

ලංගම බස් රථයක් ටිපරයක ගැටී මාරක අනතුරක්

කොළඹ - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ වැලිආර ප්‍රදේශයේදී අද (24) අලුයම 2.45ට පමණ සිදුවූ අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා . මෙසේ අනතුරට ලක්ව ඇත්තේ, මඩකලපුවේ සිට...

අද වැසි වැටෙන ප්‍රදේශ

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (24) දිනයේ විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතෙත් අම්පාර සහ...

බස් රථයක් පෙරළී අනතුරක්: 21ක් රෝහලේ

නුවරඑළිය - මහනුවර මාර්ගයේ ටොප්පාස් ප්‍රදේශයේදී නුවරඑළිය දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලී ගොස් ඊයේ (23) රාත්‍රියේ...

POPULAR ARTICLES

රත්තරන් තුවක්කුවේ සිද්ධිය: දුමින්ද අද අධිකරණයට

මේ වන ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ රදවාගෙන ප්‍රශ්න කරමින් පසුවන හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අද (24) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. හැව්ලොක් සිටි සුපිරි නිවාස...

ලංගම බස් රථයක් ටිපරයක ගැටී මාරක අනතුරක්

කොළඹ - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ වැලිආර ප්‍රදේශයේදී අද (24) අලුයම 2.45ට පමණ සිදුවූ අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා . මෙසේ අනතුරට ලක්ව ඇත්තේ, මඩකලපුවේ සිට...

අද වැසි වැටෙන ප්‍රදේශ

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (24) දිනයේ විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතෙත් අම්පාර සහ...