කරුවලගස්වැව පුලියන්කුලම වෙහෙරගල රජමහා විහාරස්ථානයේ දඹ රන් පිළිමය කොල්ල කෑමට පැමිණි කොල්ලකරුවන් පිරිසක් ගම්වාසින් පිරිසක් විසින් අල්ලා සාලියවැව පොලිසියට භාර දී ඇති බව පොලිසිය පවසනවා.
වැන් රථයකින් අද (17) අලුයම විහාරස්ථාන භුමියට පැමිණි කොල්ලකරුවන් දඹ රන් පිළිමය තැම්පත් කර ඇති ආරක්ෂිත ධාතු මන්දිරයට ගොස් එහි ආරක්ෂාවට සිටි සිවිල් ආරක්ෂකයින්ට පලමුව පහර දි ගිනි අවි පැහැර ගෙන තිබෙනවා.
එහිදී සිවිල් ආරක්ෂකයින් විසින් කොල්ලකරුවන් දඹ රන් පිළිමය පැහැර ගැනිමට සුදානම් වනවාත් සමග මහ හඩින් කෑ ගසා තිබෙන බව පොලිසිය පවසනවා.
එම කෑගැසිමට අවදි වු විහාරස්ථානයේ රැදි සිටි හිමිවරුන් හා ගම්වැසියන් කඩිනමින් ක්රියාත්මක වී කොල්ලකරුවන් අල්ලා ගෙන තිබු බව පොලිසිය සඳහන් කළා.
ඒ සමගම කොල්ලකරුවන් පැමිනි වෑන් රථය පලා ගොස් තිබුණද විහාරස්ථානයට කඩා වැදි සිටි කොල්ලකරුවන් තිදෙනාගෙන් එක් අයකු දැඩි ප්රයත්නයක් දරා අල්ලා ගත් නමුත් දෙදෙනෙකු පලා ගොස් තිබෙනවා.
කෙසේ නමුත් එසේ පලා ගිය කොල්ලකරුවන් සොයා අද අලුයම සිට ගම්වාසින් හා සාලියවැව පොලිස් නිළධාරීන් එක්ව කළ සෝදිසි මෙහෙයුමකදී පලා ගොස් නිවසක සැගවි සිට යතුරු පැදියකින් යාමට සුදානම් වු තවත් කොල්ලකරුවෙකු අල්ලා පොලිසියට භාර දි තිබුණා.