27 C
Colombo
Saturday, May 24, 2025

රෝහිත් ශර්මා ටෙස්ට් පිටියට සමුදීලා

- Advertisement -

ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක රෝහිත් ෂර්මා ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම යෑමට තීරණය කර තිබෙනවා.

ඉන්දීය කණ්ඩායම ඉදිරියේදී සිදුකිරීමට නියමිත එංගලන්ත තරග සංචාරයෙන් රෝහිත් නායකත්වයෙන් ඉවත් කරනු ඇති බවට ඉන්දීය මාධ්‍යවල වාර්තාවල පලවීමෙන් පසුව ඔහු මෙම තීරණය ප්‍රකාශයට පත්කර තිබුණා.

කෙසේ නමුත් රෝහිත් තවදුරටත් එක්දින ජාත්‍යන්තර තරග සඳහා දිගටම ක්‍රීඩා කරනු ඇති බව සඳහන්.

රෝහිත් සිය ටෙස්ට් හිස්වැස්ම සහිත ඡායාරූපයක් ඔහුගේ Instagram ගිණුමේ පලකරමින් “සුදු ඇඳුමින් සැරසී මගේ රට නියෝජනය කිරීමට ලැබීම ගෞරවයක්” දක්වමින් සිය සමුගැන්ම තහවුරු කර තිබෙනවා.

“වසර ගණනාවක් පුරා ඔබ දැක්වූ ආදරය සහ සහයෝගයට ස්තූතියි” යනුවෙන්ද එහි සඳහන්.

2024 වසරේ පැවති විස්සයි20 ලෝක කුසලානයෙන් අනතුරුව ඔහු T20 ජාත්‍යන්තර තරග බිමෙන්ද විශ්‍රාම ගියා. 

එවර තරගාවලියේදී ඔහුගේ නායකත්වය යටතේ ශූරතාව දිනාගැනීමට ඉන්දියාව සමත් වුණා.

මේ වනවිට 38වන වියේ පසුවන රෝහිත් ටෙස්ට් තරග 67ක ඉනිම් 116කදී ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩාකළා.

එහිදී ලකුණු 4301ක් රැස්කර ඇති රෝහිත්, ශතක 12ක් හා අර්ධ ශතක 18ක් වාර්තාකර තිබෙනවා.

රෝහිත්ගේ නායකත්වය යටතේ ඉන්දියාව පසුගිය වසරේ දී සිය මව්බිමේදීම නවසීලන්තය හමුවේ තරග 3-0ක අවමන් සහගත පරාජයක් ලැබීමත්,ඔස්ට්‍රේලියාවේ පැවති බෝඩර්-ගවස්කාර් කුසලානය තරග 3-1ක් ලෙසත් පරාජයවීමත් හේතුවෙන් රෝහිත්ගේ නායකත්වය මෑත කාලයේදී දැඩි කථාබහකට ලක්වුණා.

RECENT ARTICLES - SINHALA

අද වැසි වැටෙන ප්‍රදේශ

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (24) දිනයේ විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතෙත් අම්පාර සහ...

බස් රථයක් පෙරළී අනතුරක්: 21ක් රෝහලේ

නුවරඑළිය - මහනුවර මාර්ගයේ ටොප්පාස් ප්‍රදේශයේදී නුවරඑළිය දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලී ගොස් ඊයේ (23) රාත්‍රියේ...

තීරුබදු ගැන සාකච්ඡා කරන්න නියෝජිත පිරිසක් වොෂින්ටනයට

එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය (USTR) විසින් කරන ලද ආරාධනයකට අනුව, තීරුබදුවලට අදාළ කරුණු පිළිබඳ අවධානය යොමු කරමින්, වොෂින්ටන් ඩී.සී.හි පැවැත්වෙන සාකච්ඡා සඳහා ශ්‍රී...

POPULAR ARTICLES

අද වැසි වැටෙන ප්‍රදේශ

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (24) දිනයේ විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතෙත් අම්පාර සහ...

බස් රථයක් පෙරළී අනතුරක්: 21ක් රෝහලේ

නුවරඑළිය - මහනුවර මාර්ගයේ ටොප්පාස් ප්‍රදේශයේදී නුවරඑළිය දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලී ගොස් ඊයේ (23) රාත්‍රියේ...

නිළි රැජිණ මාලනී ෆොන්සේකා දිවි සැරිය නිම කරයි

‘ශ්‍රී ලාංකේය සිනමාවේ නිළි රැජින’ ලෙස කිරුළු පැළඳූ ජ්‍යේෂ්ඨ රංගන ශිල්පිනී මාලනී ෆොන්සේකා මහත්මිය අද (24)  අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යනවිට ඇය 78වන වියෙහි...