27.4 C
Colombo
Wednesday, June 7, 2023

රොනාල්ඩෝගේ කොකාකෝලා විරෝධය හා ශ්‍රී ලංකාවේ අමන දේශපාලඥයෝ

- Advertisement -

2020 යුරෝපා පාපන්දු ශූරතා තරඟාවලියේ හංගේරියාවට එරෙහි තරඟයට පෙර පැවති මාධ්‍ය හමුවක දී සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ කොකා කෝලා (Coca Cola) ප්‍රතික්ෂේප කිරීම මේ වන විට ආන්දෝලනාත්මක පුවතක් බවට පත් වී අවසන් ය.

රොනාල්ඩෝ මේ ප්‍රතික්ෂේප කිරීම සිදු කරනු ලබන්නේ කොකා කෝලා සමාගම යුරෝපා පාපන්දු ශූරතාවලියේ ප්‍රධාන සත්කාරක සමාගමක් බවට පත් වූ තත්ත්වයක වීම සියල්ලන්ගේ මවිතයට හේතු වුණා.

කොකා කෝලා සමාගමේ අනුග්‍රාහකත්වය සත පහකට මායිම් නොකළ ක්‍රිස්ටියානෝ අදාළ මාධ්‍ය හමුවේ සිය අසුන ඉදිරියේ තබා තිබුණු කොකා කෝලා බෝතල් දෙකක් ඉවත්කළේ වතුර බෝතලයක් මාධ්‍ය වෙත ඔසවා පෙන්වමින්.

“කොකා කෝලා වෙනුවට වතුර පානය කරන්න”ඔහු මෙහිදී ලබා දුන් පණිවුඩය එයයි.එය අවසානයේ කොකා කෝලා සමාගමට ප්‍රසිද්ධ මාධ්‍යය ඉදිරියේ ලබා දුන් දැවැන්ත අතුල් පහරක් බවට පත් වුණා.

කෘතිම ආහාර සහ පාන වර්ග ප්‍රතික්ෂේප කරන්නෙකු ලෙස ප්‍රකට රොනාල්ඩෝ පසු ගිය දා තමා පීසා වැනි ආහාර රස විඳින්නේ වරදකාරී හැඟීමකින් බව ද පවසා තිබුණා.

සිය පුතා කෘතිම පානයන් මෙන්ම ස්නැක් වර්ගයේ ක්ෂණික ආහාර ඉල්ලන විට ඔහු කෝපයට පත් වන බව ද එහිදී සඳහන් කළා.

මෙවැනි ආන්දෝලනාත්මක ප්‍රකාශයන් සහ ක්‍රියාවන් නිසා රොනාල්ඩෝ මේ වන විට එවැනි ආහාර පාන නිපදවන දැවැන්ත සමාගම්වල ප්‍රධාන පෙළේ අභියෝගයක් බවට පත් වෙලා කිව්වොත් වැරදි නැහැ.ඔහු මෙම මාධ්‍ය හමුවට සහභාගී වී සිටියේ පුහුණුකරු ෆ්‍රනෑන්ඩෝ සැන්ටෝස් සමඟයි. එම අවස්ථාවේ අනපේක්ෂිතව රොනාල්ඩෝ කොකා කෝලා බෝතල් ඉවත් කරන දෙස ඔහු ද විමතියෙන් බලා සිටියා.

මෙවැනි ආහාර පාන වර්ග ප්‍රවර්ධනය වෙනුවෙන් අදාළ බහු ජාතික සමාගම් සුප්‍රකට ක්‍රීඩකයින් මෙන්ම කලාකරුවන් යොදාගනු ලබන්නේ ඔවුන් වෙත මුදල් කුට්ටි ගණනින් වීසි කරමින් බව රහසක් නෙවෙයි.කලාකරුවන් ක්‍රීඩකයන් මුදලට සොසේජස් කරලේ සිට පෙප්සි කෝලා දක්වා ඕනෑම කුණු ගොඩක් ප්‍රචලිත කිරීමට සූදානම් තත්ත්වයක ක්‍රිස්ටියානෝ රොනලඩෝ ලබා දී ඇත්තේ එසේ මෙසේ ආදර්ශයක් නොවේය.

ඒ අතර විරල අවස්ථා ගණනකදී සුප්‍රසිද්ධ කලාකරුවන් ක්‍රීඩකයන් මෙන්ම දේශපාලනඥයන් ආහාර පාන,රූපලාවන්‍ය ද්‍රව‍ය ප්‍රවර්ධනය කිරීම ප්‍රතික්ෂේප කර තිබෙන බවත් අපට මතකයි.සුපිරි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි තමා පරිභෝජනය නොකරන ද්‍රව්‍ය ප්‍රවර්ධනය කිරීමට පෙර දෙවරක් සිතන බව වරක් පැවසුවා.සුපිරි නළු අමිතාබ් බච්චන් තමන් මින් මනතට පෙප්සි වෙනුවෙන් පෙනී නොසිටින බව ප්‍රකාශ කළා.

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා බලයේ සිටිය දී පාසල් ළමුන් අතර ජනප්‍රිය පානයක් වන මයිලෝ පානය නොකරන ලෙස ප්‍රසිද්ධියේ ඉල්ලීමක් කළා.

එම අවස්ථාවේ විපක්ෂයේ සිටි අද ආණ්ඩුවේ බලවත් මැති ඇමතිවරු මයිලෝ පැකට් අතේ තබාගෙන ජනාධිපතිවරයාගේ ඉල්ලීම හාස්‍යයට ලක්කර සිටියා.

RECENT ARTICLES - SINHALA

මහනුවර උසස් විදුහලක සිසු පිරිසක් තවත් සිසුවෙකුට විකට් පොලුවලින් පහර දීලා

මේ දිනවල පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය ප්‍රශ්ණ පත්‍රය ඊයේ (06) පෙරවරුවේ මුහුණ දුන් මහනුවර කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලේ සිසුවෙකුට එම...

සාපෙළ විභාග වංචා තුනක් වාර්තා වෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව වංචා සිද්ධීන් තුනක් ඊයේ (06) දින වාර්තා වී තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව...

යකඩ මිල ගණන් සීඝ්‍රයෙන් පහළට

යකඩවල මිල ගණන් 50%කින් පමණ අඩු වී ඇති බව යකඩ ආනයනකරුවෝ පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ මේ වසරේ ආරම්භයේ දී...

RECENT ARTICLES - ENGLISH

Essential drug prices to be reduced from 15 June

0
The Cabinet of Ministers approved the proposal raised by the Minister of Health to reduce the maximum retail price of 60 medicines...

Nearly 80 students, mostly girls, are poisoned in Afghanistan

0
Nearly 80 primary school students, mostly girls, are suspected to have been poisoned over the weekend and taken to hospital in Afghanistan’s...

Delays in trials pertaining to child abuse cases studied

0
The Sectoral Oversight Committee on Children, Women and Gender looks into the prevention of delays in trial pertaining to the cases of...