එළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පවසනවා.
ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැත්වෙන උත්සවයක් අමතමින් ඔහු ඒ බව සඳහන් කළා.
වත්මන් ආණ්ඩුවේ ක්‍රීඩා, යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රොෂාන් රණසිංහ මහතා එම ධුරවලින් ඉවත් කිරිමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කටයුතු කරනු ලැබුවා.