ක්‍රීඩා අමාත්‍යවරයා පත්කළ ක්‍රිකට් උපදේශන කමිටුවේ සාමාජිකයෙක්ව සිටි රොෂාන් මහානාම මහතා තමා මින් ඉදිරියට එම කමිටුව සමග කටයුතු නොකරන බව ක්‍රීඩා අමාත්‍යවරයාට දන්වා තිබෙනවා
රොෂාන් මහානාම ගේ ඉල්ලා අස්වීම පෞද්ගලික හේතුවක් මත සිදුවන්නක් බවයි ක්‍රීඩා අමාත්‍යවරයා වෙත යොමුකළ එම ලිපියේ සඳහන්ව ඇත්තේ.
මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගත සැලසුම්, පුහුණුකරුවන් තේරීම, ක්‍රීඩක කොන්ත්‍රාත්තු සාකච්ඡා කිරීම්, ආදී කටයුතු බොහොමයක් සිදු කෙරුණේ අරවින්ද ද සිල්වා ගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් පත්කරන ලද ක්‍රිකට් තාක්ෂණික කමිටුව හරහා යි.