28.8 C
Colombo
Wednesday, March 26, 2025

දිලිත් ගාවට ගිය රොෂාන් රණසිංහ

- Advertisement -

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ව්‍යවසායක දිලිත් ජයවීර මහතා නායකත්වය දරණ මව්බිම ජනතා පක්ෂය හා එක්ව තිබෙනවා

පසුව ඔහුව එම පක්ෂයේ සභාපතිවරයා ලෙස පත් කළ බවයි වාර්තා වන්නේ.

හිටපු අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මව්බිම ජනතා පක්ෂයේ උපසභාපතිවරයා ලෙස අද (02) සිය පත්වීම ලබා ගෙන තිබෙනවා.

මේ අතර, ගම්පහ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා ද මව්බිම ජනතා පක්ෂය හා එක්ව තිබෙන බවයි සඳහන් වන්නේ.

ඔහු ගම්පහ දිස්ත්‍රික්කයේ මව්බිම ජනතා පක්ෂයේ සංවිධායකවරයා ලෙස පත්කර තිබෙනවා.

දිලිත් සමඟ එක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක යනු නඩු ගණනාවක හිමිකරුවෙක් වනවා.

ගාලුමුවදොර සාමකාමී අරගලයට පහරදීමේ සිදුවීමට අදාළව 2022 මැයි 17 වැනිදා ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

මීට අමතරව 2012 වසරේදී දොම්පේ ප්‍රාදේශීය සභාවේ සභාපතිව සිටියදී ගල් කොරියක බලපත්‍රයක් ලබාදීම සඳහා, රුපියල් ලක්ෂ 7ක අල්ලස් මුදලක් ලබාගත් බවට වන චෝදනාවක් සම්බන්ධයෙන් 2023 වසරේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් මිලාන් ජයතිලකට සහ එවක එහි සභිකයෙක් වූ අජිත් සිසිර කුමාර යන අයට කොළඹ මහාධිකරණයේ නඩු පවරනු ලැබූවා.

RECENT ARTICLES - SINHALA

ගුවන් යානා අනතුර ගැන නලින්දගෙන් පරස්පර කතාවක්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුහුණු ජෙට් යානයක් වාරියපොල ප්‍රදේශයට කඩාවැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා...

මැතිවරණ නීති කැඩීම් ගැන පොලීසියෙන් නිවේදනයක්

2025 පළාත් පාලන මැතිවරණ නීති උල්ලංඝණය කිරීම වලට අදාළව ඊයේ (25) දින වන විට පැමිණිලි 7ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය...

හිටපු හමුදාපතිවරුන්ට දැමූ සම්බාධක ගැන මහින්දගෙන් නිවේදනයක්  

ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා තම රාජකාරිය ඉටු කළ සන්නද්ධ හමුදා නිලධාරීන් ඉලක්ක කරමින් විදේශීය රජයන් සහ සංවිධානවලින් එල්ල වෙන තාඩන පීඩනවලට එරෙහිව වත්මන්...

POPULAR ARTICLES